"අහ් හාමු මහත්තයා. ගෙවල් දොරවල් මතක් උනාද..?"
"අම්මෙ මේ.. අනේ මන් ඔයාට කෝල් කරා.. ෆෝන් එක වැඩ කලේ නෑන්..."
"ආහාහා.. ඒවගෙන් වැඩක් නෑ. මේ පාර උබ කා එක්කද පැටලුනේ.?"
"අම්මෙ.."
"කරදඬු උස්මහත් උනාට පස්සෙ හිතන් ඉන්නේ හෙන ලොකු මහත්තුරු කියලද..? උබලව පොඩි කාලේ ඉඳන් පරිස්සම් කරාටද මේ.. ගෙදර ඉන්න දෙන්නම එකයි.. හැමදාම අන්ඩක් කඩාගෙන.. එක්කො පොලිසි වල.. උබලාට බැරිද එක දවස් දෙකක් පාඩුවේ ඉන්න. උබලා අඩු කඩන් ඇඳවල් වල ඉද්දි අපේ පපුනේ පිච්චෙන්නේ.. ලොකු එකා හොදයි කිව්වැකි. පොඩි එකා ඊට හපන් නෙ. කොහෙ එනවා යනවද දන්නේ නෑ.. සමහර දවසට බීලා වැටීගෙන.. ඇයි.. ඇයි පුතේ උබලා දෙන්න මට මෙහෙම කරන්නේ..ආඅහ්.."
"අ..අම්මේ.හ්.."
දෙව්සස්ගේ අම්මාගේ වචනත් එක්ක දෙව්සස් එතනම ගල් වෙලා බලන් ඉදියේ කියන්න දෙයක් හිතාගන්න බැරුව.. තමන් පරක්කු උනු නිසා තමන්ගේ අම්මා කොයි තරම් කලබල වෙලාද කියලා දෙව්සස්ට අමුතුවෙන් ඇගිල්ලෙන් ඇනලා කියන්න දෙයක් තිබ්බෙ නෑ. අම්මගේ කටින් පිටවෙන වචනත් එක්ක ඒ ඇස් වලට කඳුලු පිරිලා දිලිසෙන්න ගත්තා. දරුවන්ගේ වැඩ නිසා දුක හිතුනු අම්ම කෙනෙක්ගේ වේදනාව ඒ..
"බත් බෙදලා අන්න කෑම මේසේ උඩ.. කන්න.."
එච්චරයි.. ඒම කියලා දෙව්සස්ට පිටුපාලා අම්මා ඇතුලට ඇවිදන් ගියා. තමන්ට පිටිපස්ස හරෝලා ගියත් පිටිඅත්ලෙන් කම්මුල් පිහදනවා දෙව්සස් බලන් හිටියේ දුකින්. 'මන් අම්මව ඇඬෙව්වා.' කියන වරදකාරි හැඟීම දෙව්සස්ගේ ඔලුව අවුල් කරන්න ගත්තා. තාත්තත් පවුලෙන් දුර ජීවත් වෙන නිසා කොල්ලො දෙන්නව බලාගන්න අම්මා මාර ගේමක් ගහන්නේ. මොන දේ උනත් තමන්ගේ දරුවො අංක එක. එහෙම ආදරේ කරලා බලාගන්න අම්මාට තමන්ගේ අතින් වරදක් උනාම ඕනි දරුවෙක්ගේ හිතේ පසුතැවීමක් ඇතිවෙන්නෙ නැද්ද...?
දෙව්සස් ආ විදියෙන්ම තාමත් මිදුලේ හිටගෙන හිටියේ ඔහේ බලාගෙන. සධීර එක්ක ගහගත්තු එක. එක පාරටම පාරට විසික් වෙලා වාහනේකට හැප්පුනු එක. කොහෙන්ද මතු වෙලා ආපු අර උරුලෑවා.... ඌ තමන්ව ගෙදරට බලෙන්ම දාපු හැටි.. එන ගමන් ඉද්දි ආදිව්ට ආපු කෝල් එක. තෙහස්. ආදිව්. අම්මා.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්ය x ප්රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction💗✨