"....... මට බෑ මන් ආදරේ කරන මනුස්සයට මූණ සමතලා වෙන්න පාරක්වත් ගහන්න.. මට හය්යක් නෑ. ඒකත් වෙන එකෙක් නම් මන් ඒම කරයි. මන් උන්ව ගනන් නොගෙනවත් ඉදී.. හරියට මන් මිශුල්යාව ලේසියෙන් අතෑරියා වගේ.. අහ් උබට ඒකනම් තේරෙන්නෙ නැතුව ඇති.. ඒත් ඒක එහෙම තමයි උනේ. මිශුල්යා නිසා මන් උබත් එක්ක එදා වලියට ආවේ උබට රිද්දන්න නෙවේ.. මටම රිද්දගන්න.. උබ ඒක මට එදා ලේසියෙන් කරලා දුන්නා..උබටම තේරෙනවා ඇතිනේ මන් උබේ ඇදුමෙන් අල්ලන් ඉන්න අත කොච්චර වෙවුලනවද කියලා.. මට උබ ඉස්සරහා දුර්වලයෙක් වෙන්න ඕනී නෑ කොහොමත්. දැන් හිතන්න එපා මන් ආදරේ හිගාකනවා කියලා. මන් එහෙම නෑ. මට ඕනි නෑ. ආයිශ්.. ශිට්.. උබට මාව විහිලුවක් වගේ ඇති නේද?.ආහ්"
එක දිගට කියවන් ගිහින් දෙව්සස් එහෙමම් ආදිව්ගෙන් ඈත් උනේ අත් දෙකෙන්ම ඔලුව බදන් පස්සට වෙලා. දෙව්සස් තමන්ගෙම කොන්ඩේ දෙපැත්තට ඇද්දේ පිස්සෙක් වගේ. ආදිව් හිටි තැනම ගල් වෙලා කොල්ලා දිහා බලන් ඉදියා. ආදිව්ට කියාගන්න දෙයක් හිතාගන්න බැරිවෙද්දි කොල්ලො දෙන්නම එතන ගොඩක් අසරන උනා.
බිමට හරවන් තිබ්බ මූන උස්සලා ආදිව් දිහා බලන ගමන් දෙව්සස් හිනා උනා. ඒක නිකන් වියරු වැටිච්ච හිනාවක් වගේ. දෙව්සස්ගේ ඇස් රතු වෙලා. කම්මුල් දිගේ කදුලු පහලට ගලන් ගියේ දෙව්සස් ඒවා පිහා ගන්නවත් කලබල නොවෙද්දි. ආදිව් හිටි විදියටම ඉදන් දෙව්සස් දිහා බලන් හිටියා.
තත්පර ගානක් කොල්ලො දෙන්නාගේ එකිනෙකාගේ ඇස් දිහා බලන් හිටියා. ඒත් කාගෙවත් කටින් එක වචනයක් පිට උනේ නෑ. දෙව්සස්ට අන්තිමේදි ඉකියක් එක්කම හිනාවක් ගියේ කොල්ලා එතනින් ඉක්මනට දුවල යද්දි. ආපු පාරෙන්ම ගලෙන් බැහලා ඇල දිගේ උඩහට දුවන් ගියේ ආදිව් හිටි විදියටම ගල් ගැහිලා ඉද්දි.
ආදිව් කීයටවත් හිතුවේ නෑ දෙව්සස්ගෙන් මේ වගේ හැසිරීමක්. මරන් කන්න වගේ හිටපු කොල්ලා එකපාරටම මේ වගේ කන්ෆෙශන් එකක් කරයි කියලා. මාසෙකට විතර උඩදි දෙන්නා අතර යන්තමට ගොඩ නැගෙමින් ආපු යාලුකම හරියට පටන් ගන්නත් කලින් දෙව්සස්ගෙන් මේ වගේ දෙයක්. නෑ.. ආදිව් කිසිම වෙලාවක ඒම හිතුවේ නෑ. මිශුල්යා එක්ක තමන් ඉදපු හැමවෙලේම වගේ දෙව්සස්ගේ ඇස් ඒ අස්සෙ කැරකුනු හැටි ආදිව්ට මැවිලා පෙනුනා.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්‍රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨