"ගෙවල් කොහෙද.?"
"********"
"යන් මන් දාන්නම්.."
"මටෝන්නෑ..හ්"
"ඇයි..?"
"මට ගියෑකි.. බස්සෙකේ.. ඔයා යන දිහාක යන්න."
අතකුත් වෙලන් මූණ පුරා ප්ලාස්ටරුත් අලවන් ඉන්න මනුස්සයෙක් බස් එකේ යන්න කතාව. ඒ තියා දැන් රෑ අටටත් කිට්ටුයි. මේ වෙලාවලට දෙව්සස්ට ගෙදර යන්න ඇත්තටම බස් එකක් නෑ. තියෙන්න විදියකුත් නෑ. ඒම කියලා දෙව්සස් එහෙම ආදිව් කියන එකට හා කියයිද..
"දෙව්සස්.... එනවද?.. නැද්ද?"
"මන් දැන් තමුසෙට එක පාරක් කිව්වනේ.. මට ගියහැකි.. තමුසෙට මොකද්ද තියන අමාරුව.?"
"ඇයි දැන් මා එක්ක එන්න බැරි.?"
"ම්.. මේ... ආ..මට බයිසිකල් වල යන්න හොද නෑ රෑට.. පීනස..."
දෙව්සස් ආදිව් පස්සෙන් යන එක නවත්තලා කියවන්න ගත්තා. ඕනිවට වඩා අත පය හොලන්න ගිහින් කැඩුනු අත එහෙ මෙහෙ වෙලා සමහර වෙලාවට දෙව්සස්ගේ මූන ජෙක වෙනවා. ආදිව් එක්ක ගෙදර යන්න බෑ කියන්නෙ බොරුවටනේ ඉතිම් මේ.
"එනවා යන්න. දැන් බසුත් නෑ යන්න."
දෙව්සස් කීවට අහන්නෙ නැතිම තැන කැඩුනේ නැති අතේ මැනික් කටුව ලගින් ආදිව් අල්ලගෙන පාකින් එක දිහාට ඇවිදන් යන්න ගත්තා.
"ඔයි.. අතෑරපන්. උබ ඔය දැන් මට කියල ඇරගන්න තමා හදන්නේ.? අතෑරපන් මාව.."
ආදිව්ගෙන් අත ගලවගන්න දෙව්සස් දගලද්දි ආදිව් කලේ තව තද කරලා අල්ලගන්න එක. පිටිපස්සෙන් ඇදිලා එන ගමන් දෙව්සස් කියන ඒවට ආදිව්ට හිනා. ආදිව් සීයගෙ කා එකත් අරන් හදිසියේ ආවේ කොල්ලගෙ බයිසිකලේ පෙට්‍රල් නොතිබ්බ නිසයි. කාර් එක පේන මානෙ ඉදන් සක්කුවෙන් යතුර අරන් කාර් එක අන්ලොක් කලා.
"මොනවා අරින්නද දෙව්සස්..? මට ඇරගත්තෑකි මේ දොර."
කා එක ලගටම ඇවිල්ලා ආදිව් දෙව්සස්ගේ අත ඇතැරියේ කා එකේ දොරටත් අත තියලා දෙව්සස්ට පෙන්නන ගමන්. ආදිව් කටින් පනින්න ආපු හිනාව තද කරන් සීරියස් පිට ඒක කියලා දැම්මා.
"ගිහින් නගිනවා කා එකට."
දෙව්සස් උත්තර දෙනකන් නොයිද ආදිව් කා එකට රින්ගගත්තා. දෙව්සස් ටික වෙලාවක් එතනම හිටන් ඉදලා අන්තිමේදි කා එක ලගට ඇවිල්ලා පිටිපස්සේ දොර අරින්න හැදුවා.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්ය x ප්රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction💗✨