Chapter 46

173 26 30
                                    

සමහර තීරණ තියෙනවා ඒවා මිනිස්සුන්ට ගන්න වෙන්නේ අනික් අයගේ යහපත ගැන හිතලා. ඒත් බහුතරයක් ඒ වගේ තීරණ ගන්නවා බොහොම අඩුයි. සමහර විට ඒ තීරණ අනික් කෙනා ගැන හිතලා ගත්තට තමන් ඒ නිසා දෙගිඩියාවෙන් මුලු ජීවිත කාලේ පුරාවටම ඉන්න  හේතුවක් වෙන්නත් පුලුවන් පුලුවන්. 

ආදිව් අහස දිහා බලාගෙන කටෙන් දුම් රොදක් පිට කලා. දැන් මහ රෑ දොලහටත් ලගයි. දොලහා කියන්නෙත් වෙලාවක්ද ඉතින්. ආදිව් ඕනි තරම් රෑ එක දෙක.. සමහර දාට පාන්දර හතර විතර වෙනකනුත් නිදි මරන් පාඩම් කරලා තියේ..සමහර දාට මුලු රෑම එක දිගට ඇහැරන්.. ඒත් අද වෙනස්. පාඩම් කරන්නවත් හිත එක තැනක තියාගන්න බැරි තරමට ආදිව් කලබලයි. හිත එකඟ කරගන්න ආදිව් නොකෙරූ දෙයක් නෑ.. සින්දු ඇහුවා. චිත්‍ර ඇන්දා.. නිදියෑවා.. ඒත් ආදිව් තාමත් නොසන්සුන්. ගතින් නෙවේ හිතින්. අන්තිමට ආදිව් මේසේ ලාච්චුවක් අස්සෙ හැන්ගිලා තිබ්බ සිගරට් එක්කුත් අරන් බැල්කනියට ආවේ එහෙමවත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න.

.

.

.

"මගේ අයියේ..."

"ම්ම්.."

"ඔයා මට කොච්චර ආදරේද?"

"ම්ම්.. හුඟක්.."

"කොච්චර?"

"වචනෙන් කියන්න බැරි තරම්..!!"

"අනේ.. කියන්නකෝ.."

"ආදරේ කරන්න සීමාවක් තියෙන්න ඕනිද බබා.."

"ඈ..?"

"සීමාවක් තියෙනවද? එහෙනම් මන් ඉන්නේ ඒ සීමාවත් පන්නලා ගිහින්.."

"අයියේ.."

"හ්ම්ම්. මන් උබට මට හිතාගන්න බැරි තරම් ආදරෙයි. ඒ ආදරේ නැති කරගන්න එපා බන්.. මන් වෙන කාටවත් මෙහෙම ආදරේ නෑ.."

"මටද වැඩියෙන් ආදරේ..?"

"වෙන්න ඇති.. මන් මට ආදරේ කරන තරමටම මන් උබටත් ආදරෙයි..සමහර විට ඊටත් වඩා.. මන් දන්නේ නැහැ ඒක කොච්චරද කියන්න.. ඒත් ආදරෙයි.."

"අනේ.. ඔයා ඔහොම රොමැන්ටික් වෙන්න එපානේ.."

"ඇයි..?"

"මාව දියවෙනවා වගේ අයියෝ.."

තෙහස් එහෙම කියන ගමන් ආදිව්ට තුරුල් උනා. ආදිව් අත් දෙක දෙපැත්තෙන් යවලා තෙහස්ව තව ලන් කරගත්තේ හිස් මුදුනෙන් දැනෙන නොදැනෙන ගානට හාදුවක් තියලා. ආදිව් කිව්වෙ බොරුවක් නෙවේ.. ආදිව් තෙහස්ට ගොඩක් ආදරෙයි.. සීමා පැනලා ආදරෙයි. තමන් දෙමවුපියන්ට කරන්න ඕනි ආදරෙත් එකතු කරලා ආදිව් තෙහස්ට ආදරේ කලා. ඒකේ වරදක් නැහැ. ආදිව් සතුටින් හිටියේ තෙහස් නිසා. සතුට තියෙන්නේ කොහෙද හැමෝම එතන නතර වෙනවා. 

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now