Chapter 28

204 28 69
                                    

ගලේ උඩටම ගිහිල්ලා එතන තිබ්බ අත් වැටට බර උනු දෙව්සස් වටේම බැලුවා. හෙන ලොකු ප්‍රදේශයක්ම පේනවා එතනට. ඒ වගේම එඅ හුලඟ. ගහගෙන යන්න තරම්. වටේ ලස්සන බල බල හිටපු දෙව්සස්ගේ අවදානේ කැඩුනේ තමන් එහා පැත්තට ආපු කට්ටිය නිසා. ෆොටෝ ගහලා එවාගේ හැඩත් බලලා ඉවර වෙලා ආදිව්ත් එක්ක අනික් කට්ටිය දෙව්සස් හිටපු තැනට ආවා. මිශුල්‍යා වගේම එයාගෙ යාලුවත් එයත් එක්ක ඇවිල්ල හිටියා. 

"අනේ ආදි.. ෆොටෝ එකක් ගහලා.."

මිශුල්‍යා එයාගෙ ෆෝන් එක ආදිව්ට දික් කරන ගමන් තමන්ගේ යාලුවව ඇදලා ලගට ගත්තා. ආදිව්ත් ඔලුව වනලා ටිකක් පිටිපස්සට ගියේ එයාලගෙ ෆොටෝ එකක් ගහන්න. දෙව්සස් හිටපු තැනින් පොඩ්ඩක් එහාට උනේ ෆොටෝ එකට එයාවත් වැටෙයි කියලා හිතන්. ටිකක් එහාට ගිහින් ආදිව් දිහා හැරිලා හිනා වෙලා අනික් කෙල්ලවත් බදාන ඉන්න මිශුල්‍යා දිහා දෙව්සස් බලන් ඉදියා. 

"ඒ සතීශ්.. අනේ ෆොටෝ එකක් ගහලා. අර ඉස්සෙල්ලා වගේ එකක් ඈ.. ඒක ලස්සනට ඇවිල්ලා. ආදි එන්නකෝ.. හෙහෙ.. මේක අන්තිම එක ඈ.. ආයෙ ඔයාට වද දෙන්නේ නෑ. මේ ඇත්තමයි."

මිශුල්‍යා කීවෙනි පාරටදෝ මන්දා ආදිව්ට අන්තිම ෆොටෝ එක කියලා එන්න කීවා. ආදිව්ත් මිශුල්‍යාගෙ මේ කෝලං වලට ලා හිනාවක් දෙනගමන් එයා ලගට ආවා. 

"හරේහ්හ්. ඒනම්.. ඔන්න ගන්නවා ඈ.. කෝ කෝ.. තව ළං වෙයන්.. කෝ දැන් මිශූගේ වටේ දාගනින් පගෝ උබේ අත..අනේ යකෝ උරහිස වටේ නෙවේ ඉන වටේ. නිදකින්.. උබලගේ නෑනෙ කිසි.. මිශූ.. ගෑනියේ ඔය දෙක පෙන්නන එක නතර කරපන්.. අනේ මන් උබේ ඔය ඇඟිලි දෙක උගුල්ලනවා ඈ... හා හා.. මිශූ දාගනින් අත්දෙක ආදි වටේ.. ආහ් හරී.. අන්න ඒම බදාගන්න..ඒයි පගෝ.. බලපන් උබ මිශූ දිහා.. අහ් හරි.. ඔයත් බලන්න මිනිහා දිහා.. අහ් හරේ.. ඕම ඉදපන් ඈ.."

සතීශ් ප්‍රොෆෙශනල් ෆොටොග්‍රැපර් වගේ කපල් එකේ ලස්සන ෆොටෝ කීපයක් ගන්න ලොකු වෙහෙසක් ගත්තා. පැත්තක ඉදන් කාටත් හොරෙන් සිනේත්‍ර සතීශ් ෆොටෝ ගන්න විදිය වීඩියෝ කලේ ජන්ම දිනයක් දවසට වගේ මාධ්‍යට නිකුත් කරන්න හිතන්. කවුරු නොදැක්කත් පැත්තක හිටපු දෙව්සස් නම් මේ හැමදෙයක්ම හොඳට දැක්කා. 

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now