Chapter 20

247 27 49
                                    

මහ දවල් ගිනි කාස්ට අව්වෙ උනත් හැමෝම වගේ ඉදියේ ලොකු උද්‍යෝගයකින්. පැවිලියන් එකේ එක පැත්තක්ම වගේ නිල් කහ පාටින් දිලිසෙද්දි ඉතුරු බාගෙම රතු කහ පාටට වෙන් උනා. තමන් චියර් කරන පැත්තට ලකුනු එකතු උනු ගමන්ම වගේ ග්‍රවුන්ඩ් එකම හෙල්ලිලා යන්න තරම් සද්දයක් එනවා. දවල් වෙද්දිම දිනුම පැරදුම ගැන එක එක කතා එලියට ආවා. ඔය අස්සෙන් අස්සෙන් කොල්ලො එකතු වෙලා ඔට්ටු දැම්මේ නෑ කියන්නත් බෑ.බාලක ඉස්කෝල දෙකේ ලමයි වගේම එකී නොකී මහ සෙනගක් ග්‍රවුන්ඩ් බැහැලා තිබ්බා. ග්‍රවුන්ඩ් එක ඇතුල විතරක් නෙවේ මුලු ටවුන් එකම මැච් එකේ උනුසුමින් පිරිලා තිබ්බා. 

අන්තිම බෝල හය.. ඒ කියන්නෙ අන්තිම ඕවරේ.. තව ලකුනු 18යි ඕනි .. දෙව්සස්ගේ ටීම් එකට තව ලකුනු 18ක් ගැහුවනම් කෙලින්ම දිනුම්.. දෙව්සස්ගේ ටීම් එකෙන් ශෙවාන් ග්‍රවුන්ඩ් එකට ආවේ හෙන ගැම්මෙන්. ලකුනු දහටනම් මොකද්ද.. හයේ ඒවා තුනයි.. වැඩේ ක්ලෝස්..

අන්තිම ඕවර් එක නිසා දෙව්සස්ගේ ටීම් එකේ පොඩි ටෙන්ශන් එකක් නොතිබ්බා නෙවේ. ඒත් තව ලකුනු 18යි ඕනි. ටාගට් එක 151යි. දැන් තත්වේ 133යි. ශෙවාන් තාම ප්ලේ කරනවා. ඌත් ගේම අතාරින්නේ නෑ වගේ. ශෙවාන් කියන්නෙ ටීම් එකේ හොද බැට්ස්මන් කෙනෙක්. ශෙවාන් මෙතෙක් ප්ලේ කරපු විදියට ඌම ඕක ගහලා දාවිද දන්නෙත් නෑ. ඒත් දෙව්සස් නම් ලොකු විශ්වාසෙක හිටියේ තමන්ට ප්ලේ කරන්න චාන්ස් එකක් එනවා කියලා.

අනෙක් ටීම් එකේ බෝල් කරන කොල්ලා පැවිලියන් එකේ උගේ ඉස්කෝලේ උන් ඉන්න පැත්ත බලලා තම්බ්ස් අප් එකක් දුන්නේ ඒ පැත්තෙන් පොඩි විසිල් එක්කුත් එද්දි. තරගයේ අන්තිමට ලගා වෙලා නිසා ග්‍රවුන්ඩ් එකේ තිබුනේ උනුසුම් වාතාවරනයක්. හැමෝම බලන් හිටියේ කුතුහලේකින්.

අවුරුදු ගානක් පිට පිට කප් එක ගහපු රතු කහ ඉස්කෝලේට මේ පාරත් දිනුම යාවිද?

එහෙම නැත්තන් ගිය සැරේ වගේ නිල්කහ ඉස්කෝලේ දිනයිද?

බෝලර් වේගයෙන් පන්දුව පාස් කරේ ශෙවාන් සූදානමි ඉද්දි. ලේසියෙන්ම පන්දුවට පහරක් ගැහුවේ කොල්ලා ටීම් එකට ලකුනු හයක්ම එකතු කරද්දි. කන් බීරී වෙන සද්දයක් පැවිලියන් එකේ එක පැත්තකින් ආවේ බෑන්ඩ් එකේ පපරේ සද්දෙත් වැඩි වෙද්දි. අන්වුන්ස් කරන අයත් දැන් ටික ටික තරගේ උනුසුම වැඩි කරමින් කතාව. ශෙවාන් මෙතෙක් ගහපු පලවෙනි හයේ එක. මෙතෙක් එයා හතරේ ඒවා විතරයි ගහලා තිබ්බේ. ශෙවාන් ඒ ගැම්මෙන්ම ටීම් එක දිහාට හැරිලා වින්ක් කලා. දෙව්සස් මේවා දිහා බලන් හිටියේ විකාරයක් දිහා බලනවා වගේ. ශෙවාන් ටීම් එක දිහා බලල වින්ක් කරත් ඒක නිකන් දෙව්සස්ට කරපු එකක් වගේ. දෙව්සස් ඒක දැක්කත් ගනන් නොගෙන ශෙවාන් අවුට් වෙනකන් ඉවසිල්ලෙන් බලන් හිටියා. ඉවසීම වැදගත්..

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now