මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
මගේ හදේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
කසුන්ගේ සින්දුවක් කොල්ලො කීපදෙනෙක් එකතුවෙලා කිව්වෙ එතන හිටපු හැමෝම ඒක රස විදිද්දි. ගිටාර් එක්කින් මියුසික් එක්කුත් ඒ එක්කම එද්දි එතන තිබ්බේ වෙනමම වයිබ් එකක්. කෙල්ලොන්ගෙන් වැඩි හරියක් එතන හිටපු නිසා උන් ටික නිදාගන්න යනකන් කොල්ලො බෝතලයක් දිහා ඇහැක් ඇරලා නොබලන්න තීරනේ කලා. පවුනේ ඉතින් කෙල්ලොත්.
"ඒ.. හේසානිගේ තාත්තී.. කෝ නැගිටලා වරෙන් මයේ අම්මා.. මියුසික් දෙන්නම්.. අපිට කපල් ඩාන්ස් එකක් තමා ඕනි.. නෑ බෑ කියාගෙන එන්නෙපා.. කෝ.. කෝ.. කොල්ලො අල්ලමු තාලයක්.."
කොල්ලෙක් එහෙම කියද්දි ඒක ඇහිලා සුදුතාත්ති වගේම හේශානිත් ඇඹරෙන්න ගත්තා. කෑම කන්න කලින් ඉදන්ම අද මේ ජෝඩුවට උනේ ඈඹරි ඇඹරි ඉන්න තමා.යාලුවො ටික එකතු වෙලා සුදුතාත්තිව බලෙන්ම නැගිට්ටෙව්වේ හේශානිවත් නැගිටල මැදට එවද්දි.
"අඩෝ අඩෝ ප්පට්ට.. ඈ සුපිරියක්.."
කොල්ලො ටික කෑගැහුවුවේ හැමෝම ලාවට අත්පුඩි ගහද්දි.ඔන්න ඊලගට තව කපල් එක්කට අවස්තාවලු. දැන් සෙට් එකේ කපල් දිහාට කාගේ කාගෙත් අවදානේ යොමු වෙන වෙලාව.
"ආදිව්.. පලයන්.. මිශුල්‍යා නැගිටපන්.. උබල දෙන්නත් වරෙන් මෙතනට.."
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්‍රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨