Chapter 27

205 26 78
                                    

"ගිනි ගන්නෝ ගිනි ගන්නෝ.. රෙද්ද කඩාගෙන ගෑනූ දුවන්නෝ.."

පාරේ හිටපු ඇන්ටිලා වගයක් නවත්තපු බස් එකක් දිහාට දුවනවා දැකලා කොල්ලෙක් කෑගැහුවේ අනික් උනුත් ඌත් එක්ක එකතු වෙලා හූ කියද්දි.. එතන වටේ පිටේ කට්ටිය සත්තු ටිකක් දිහා බලනවා වගේ කොල්ලො ටික දිහා බැලුවේ.

ෆිසික්ස් ක්ලාස් එකෙන් ට්‍රිප් එකක් යනවා කියලා කාලෙක ඉදන් කටින් ගියාට සර් අද තමා කොල්ලො ටිකව ඇත්තටම එක්කන් යන්නේ. විස්සක් තිහක් ඉදපු ක්ලාස් එකේ ඔක්කොම වගේ ට්‍රිප් එකත් ආවා. මේ සාගරේ වගේ සිලබස් අස්සේ ආතල් කොතැනද කොල්ලො නම් එකෙන්ම එතන. ස්ටිකර් අලවලා හෙන හැඩ වැඩ දාපු බස් එක්කුත් අරන් කොල්ලො ටික ගාලු තමා යනවා. සර් පර්මිශන් දුන්නත් හරි ක්ලාස් එකේ හිටපු කොල්ලො ටිකක් සේරම වැඩේ ප්ලෑන් කරලා තිබ්බා. දවසක් එහෙ නතර වෙලා ආතල් එකේ රැල්ල පාගලා එන්න තමා මේ කට්ටිය යන්නේ. රැල්ල විතරක් නෙවේ කැලෑ අස්සෙත් රින්ගන්නයි මේ සූදානම. නවතින්න තැන්  වගේම යන්න තැන් කීපයක්ම කොල්ලො එකතු වෙලා සිලෙක්ට් කලේ කාලෙක ඉදන්. සර්ගෙත් විරුද්ධත්වයක් නැති නිසා සර්වත් එක්කන් ට්‍රිප් එක පටන් ගත්තා. 

බස් එකට නැග්ග වෙලේ ඉඳන් කොල්ලො ටිකනම් ගැම්මට සින්දු කියන්න ගත්තා. කෙල්ලොත් ටිකකින් සීට් වලින් නැගිටලා ආවේ සින්දු කියන්න. ඒත් කෙල්ලොන්ට කොහෙන්ද මන්දා ආපු ලැජ්ජාවක් නිසා උන් වෙනම කල්ලි ගැහුනා බස් එකේ මැද. මුලදි මුලදි ගේමට සින්දුවෙන් සින්දුව කිව්වත් පස්සෙ පස්සෙ  වෙද්දි කෙල්ලො කොල්ලො ඔක්කොම සමගියෙන් ගීත ගයන්න පටන් ගත්තා. 

"පෙම් සිහිනේ...

සිත සැනසූ හේ..සා...නී...

ඔබ මාගේ..

සිත රැවටූ සුදු දෝනීහ්......."

කොල්ලෙක් එක පාරටම  ලයින් කරන කෑල්ලව මතක් වෙලා හිටිවන කවි කියන්න ගත්තේ ඒ තාලෙටම බැක්ග්‍රවුන්ඩ්  මියුසික් කොල්ලොන්ගෙන් එද්දි.. කෙල්ලොන්ගෙ පැත්තෙන් ඒක ඇහුනු ගමන් එකියක් දෙන්නක් හූ කීයන්න ගත්තා. මක් නිසාද යත් හේසානි කියන සුදු දෝනී මේ අවස්තාවේදී බස් එකේ සිටින නිසා.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now