Chapter 14

244 27 56
                                    


සති දෙකකට පස්සේ ආයෙම ආදිව් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන්. පහුගිය සතියේ තිබුනු ඡන්දයෙන් ගුරුවරු පත්කරපු ඒ අලුත් හෙඩ් ප්‍රිෆෙක්ට් කවුද කියලා දැනගන්න ඉස්කෝලේ කොල්ලො හැමෝටම වගේ ඕනී උනා. ඉතින් අද තමයි ඒ දවස. අලුතින් පත්වන ශිශ්‍යනායකයන්ට බැජ් පලන්දන දවස.

දිග සුදු කලිසමට අත් දිග ශර්ට් එක ඇදලා  නිල් කහ ටයි එක දාලා කොල්ලා තමන් දිහාම මිරර් එකෙන් බැලුවා. අත් දිග ශර්ට් එකට කොල්ලාගෙ අමුතු ලස්සනක් නොතිබුනාම නෙවේ. ඇද උඩ තිබුනු බ්ලේසර් එකත් අතට අරන් ආදිව් පහලට බැස්සා.

"අනේ ඒයි. බලනවකෝ මේ කොල්ලගෙ ලස්සන අද."

ආච්චම්මා ආදිව් ලගට ඇවිල්ලා අතේ එල්ලෙන ගමන් කීවේ එයාගෙ හස්බන්ඩ්ට. 

"කෝ ඉන්න මන් මේක ඇදන් එන්නම්කෝ බලන්න."

ආදිව්ගේ සීයා කාමරේ ඉදන්ම කැගැහුවා. අලුතින් පත් උන ප්‍රිෆෙක්ට්ස්ලාට බැජ් පලන්දනවා කියන්නේ ඒ හැම ප්‍රිෆෙක්ට් කෙනෙක්ගේම දෙමව්පියෝ දෙන්නම හරි එක්කෙනෙක් හරි ඒ උත්සවේට සහභාගී වෙනවා කියන එක. 

ඒත් ආදිව්ගේ අම්මා  තාත්තා වෙනුවට එයත් එක්ක යන්න හිටියේ ආච්චී සීයයි. ආදිව්ට මේ වෙනකොටත් ආච්චී සීයයි එයාගෙ දෙමව්පියෝ උනා. එයාගෙ ලග ඉදන් හැම දේම හොයලා බලලා කරපු මේ දෙන්නාට ආදිව් පුදුම තරම් ආදරේ කලා වගේම ලොකු ගෞරවේකුත් තිබ්බා එයාලා ගැන.තමන්ට ඕනි කාලෙම තමන්ගෙන් ඈත් උන දෙමව්පියන්ට වඩා ආදිව් ඇත්තටම ආදරේ කලේ එයාගේ ආච්චිටයි සීයටයි.

තමන්ව මේ විදියට ඇදලා ආච්චි ඕනි තරම් දැකලා ඇති. ආදිව් කාලෙක ඉදන් ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒ නිසා ඉස්කෝලේ උත්සව ඒම තියෙන කොට ආදිව් ෆුල් කිට ගහගෙන ගිහින් තියේ. ඒත් ආච්චම්මා අද මේ වගේ එයාව අගයන්නෙ ආදිව්ව සතුටින් තියන්න කියන එක හොදටම දන්නවා. අම්මයි තාත්තයි එන්නෙ  නෑ කියලා හොදටම දන්න නිසා ආදිව් අද තියෙන ඉවෙන්ට් එක ගැන එයාල එක්ක කියන්නවත් මහන්සි උනේ නෑ. ආදිව්ට ඕනි නෑ නිකන් බොරුවට හිත රිදෝගන්න.

නිල්පාට ලස්සන චාර්ම් සාරියක් ඇදන් ලා මේකප් එක්කුත් දාන් හිටිය ආදිව්ගේ ආච්ච්ම්මා වයස  උනත් අමුතු ලස්සනක් තිබ්බා. සීයත් අලු පාට කලිසමට සුදු ශර්ට් එකක් ඇදලා හිටියා. ආච්චම්මගෙ සාරියේ අලු පාට ඉරි ඉරි ගිහින් තිබුන නිසා මේ දෙන්න මැචින්ග් කරලා ඇදලා වගේ තමා පෙනුනේ. ඒත් ඒක අහම්බයක් නෙවේ ඕක ආච්චම්මගේ වැඩක් කියලනම් ආදිව් හොදටම දැනන් ඉදියා.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now