" ආ ගනිම් මේ පොත් දෙක."
කිසිම දෙයක් නොකියා අද ක්ලාස් එකේ උගන්නපු ටියුට් දෙක ආදිව් දිහාවට දික් කලේ ආදිව් ඇයි කියලා අහන්න වගේ සතීශ් දිහා බලද්දි.ආදිව් ඒ ප්‍රශ්නේ ඇහුවත් ඒකට උත්තරෙත් එයාම දැනන් හිටියා. මොකද අද ක්ලාස් එකේ උගන්නපු කිසිම දෙයක් හරියට අහන් හිටියෙවත් ලියාගත්තෙවත් නෑ කොල්ලානම්. අමාරුවෙන් හරි ඔලුව උස්සන් සර් උගන්නපුවා අහන් හිටියට ආදිව් නෝට් ලියන වෙලාවෙ නම් කලේම ඔලුව තියාගෙන හිටපු එක. උදේ ඉදන් තිබ්බ ඔලුව කැක්කුම ඉන්ටර්වල් එකේ ගහපු පැනඩෝල් එකේ පිහිටෙන් මේ වෙද්දි අඩු වෙලා තිබ්බත් සැරින් සැරේට ඔලුව රිදෙන්න ගත්තා.
"ඇයි කියලා අහන්නෙ? උබ නෝට් මොකුත් ලියාගත්තෙ නෑනෙ.."
"තෑන්ක්ස් බන්."
ආදිව්ත් ඉතන් නුහුරට වගේ හිනා වෙලා පොත් දෙක අරන් බෑග් එකට දාගත්තා. ඔය වගේ වෙලේට තමා ආදිව්ට තමන්ට ඉන්න යාලුවන්ගෙ අගේ තේරෙන්නෙ. යාලුවන්ගෙනුත් තමන්ට ඉන්න හොදම යාලුවා උනේ සතීශ්. ඒක හෙන පරණ ශක්තිමත් යාලුකමක්. තමන් මොන ප්‍රශ්නෙක හිටියත් සතීශ් ඕනි වෙලාවක තමන් ලග ඉන්නව කියලා ආදිව් දැනන් හිටියා.
"ඒක අවුලක් නෑ කොල්ලො. මේ ඒක නෙවෙයි දැන් උබෙ ඔලුව කැක්කුම අඩුද ? අර කොහෙවත් යන #@%ක් නිසානෙ මේ ඔක්කොම. ශිට්... ආහ් අර එන්නෙ කියනකොටම "
සතීශ් ඈතින් මිනිස්සු අතරෙ පෙනුන රූපකායන් දෙක දිහාවට විරිත්තන ගමන්ම අන්තිම ටික කිව්වා. ආදිව් වගේම සතීශ් හිටියේ එයාල ඉන්නව කියපු තැනට පොඩ්ඩක් එහායින් ආදිව් තැනට යන්න අඩිය තියනව දැකලා සතීශ් නවත්තගත්තෙ ඈත එන දෙන්නව ඇස් දෙකෙන් පෙන්නනන් ගමන්මයි.
එමින් හිටපු දෙන්නාගෙන් එක් අයෙක් අනිකාට වඩා ටිකක් කොටයි වගේම ගොඩක් සුදුයි. ඕනි කෙනෙක් මේ එන කෙනාගෙ රූපෙ ගැන කියන්න කිව්වොත් අනිවාර්‍යෙන්ම කියන්නෙ 'අනේ කියුට්' කියලා. මොකද ඒ කොල්ලගෙ හැන්ඩ්සම් ගතියක් නොපෙනුනත් අමුතු කියුට් ගතියක් තිබ්බා. ඒ වගේම හරිම අහින්සක ගතියක්.
එයත් එක්කම ආපු අනික් කෙනා ගැන කිව්වොත් එයා නම් සාමන්‍ය කොල්ලෙක්ට තියෙන්නෝනි උසේ ගානට හිටියා. එයා ඇදන් හිටපු බැගී ටීශර්ට් එක නිසාමද මන්දා ටිකක් කෙට්ටුවටත් පෙනුනා. මේ රූපකායන් දෙකම කියපු තැනට යන්න කලින් පාරෙ අයිනක් අල්ලලා නැවතුනා.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්ය x ප්රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction💗✨