"එයා නැතු වුණයි කියපු එකෙන් මොකද්ද පොඩී උඹ අදහස් කරේ "
රස්ගෙ ඇදේ මට දකුනු පැත්තෙන් මගෙ අත් ගොවයක් උඩ ඔලුව තියාගෙන හිටපු පොඩීගෙ ඔලුව ඒ අතින්ම අත ගාන ගමන් මම ඇහුවා ..
"තමුසෙ හිතපු එක තමයි ..මැරුණා ..අවුරුදු ගානකට කලින් .. "
හ්ම්ම්ම් ...
"හූල්ලන්න එපා " එකපාරට පොඩී කියනකොට ඔලුව හරවලා බැලුවත් කලුවරට හුරු උන මගේ ඇස් වලට පෙනුනේ පොඩි සිවිලිම දිහා බලන් ඉන්නවා ..
"ඉමන්ද අයියා ගැන මොකද .. උඹ මේ කසාදෙ කරනවද "
ඌ ඒකට උත්තර නොදී නිහඩ වෙනකොට මන් ඔගෙ ඇහි බැම් දෙක අතරින් තාලෙකට මහපට ඇගිල්ලෙන් අත ගෑවා ..
"හිතලා බලලා හොද තීරණයක් ගනින් .. දැන් නිදාගමු බුදු සරණයි .. "
නලලේ පැත්තකට තොල් තදකරපු මම අනෙක් පැත්ත හැරිලා දැනට මත් නින්දට වැටිලා උන්න රස්ගේ නළල පැත්තටත් තොල් තද කරා ..
" බුදු සරණයි රස් " මන් හීනියට මුමුණලා ඇස් පිය ගන්නකොට පොඩී මගෙ පැත්තට හැරිලා ඇග උඩින් අතක් දාගන්නවා මට දැනුනා..
.
.
.
මට උදේ ඇහැරෙනකොට පුදුමෙ කියන්නෙ පොඩි ඇදෙ හිටියේ නෑ .. නැත්තන් වෙනදට මන් නැගිට්ටට පස්සෙත් ඌ නිදියනවා නේ ..මන් එහා පැත්ත හැරිලා බැලුවෙ රස් තාම නිදිද කියලා ..
ඌත් නැගිටලා පෝන් එක ඔබනවා ..අනිත් ඔක්කොමල්ලත් නැගිටලා ගිහින් , ඒකත් පැදුරු කොට්ටත් අස් කරලම ..
මන් මගෙ පෝන් එක හෙව්වත් ඒක හොයා ගන්න බැරි වෙනකොට මම නැගිටලා ඇදෙන් ඉද ගත්තා ..
" ආහ් !! නැගිට්ටද නිදි කුමාරයා " රස්ගෙ කට හඩ ඇහෙනකොට මම ඇදගෙන උන්න ටී ශර්ට් එක ගලවලා දැම්මා..
මැරෙන්න තරන් රස්නෙයි නේ ..
"වෙලාව කීයද "
මම රස් දිහා බලලා නිදිමත කටහඩින් ඇහුවා ..
"9 ට කිට්ටුයි "
මන් ඇස් ලොකු කර ගත්තා .. මන් මෙච්චර වෙලා යනකන් නිදා ගත්තමද කොහෙද ..
"අනිත් උන් ගල බලන්න ගියා .. "
"තමුසෙ ගියෙ නැත්තෙ ඇයි "