61

819 95 41
                                    

"රස් !!"  ජනේලෙන් පහුවෙන වාහන දිහා බලන් උන්න මම ඌ මගෙ කනට කරලා කතා කරනකොට  එලිය බලාගෙනම " ම්ම් " ගෑවා .. මගෙ සිහිය  මනස් ගාත හිත හිතා උන්නත් ඇස් නම්  ඒ වෙනකොටත් තිබුනේ සුපිරි වන්ඩියක් ලග ..

"මන් උඹට ආදරෙයි !!"

වාහනේ දිහා බලන් ඉද්දිම ඒ ඇහුන වචන තුනත් එක්කලා මගෙ ඇස් ලොකු උනේ ඊලග තප්පරේම මම උගෙ මූණ දිහාවට හැරිලා බලනකොට ..

සෙනග නිසාම තෙරපිලා උගෙත් මගෙත් මූණු අතර තිබ්බෙ සෙන්ටිමීටර් ගානක දුර වෙනකොට ඕනාවටත් වඩා ලගින් ඒ  දිලිසෙන  දුඹුරු පාට ඇස් මගෙ දිහා බලන් උන්නා ..

මොනාද මිනිහෝ උබ මේ කරන්නෙ .. සෙනග පිරුන බස් එකක් අස්සෙ .. මූ ඕක කිව්වම හරි ද මන් අහන්නෙ .. මට කරන්න ඕනේ දේවල් වලින් එකක් වත් මේ සෙනග ගොඩේ තෙරපි තෙරෙපි කරන්න පුලුවන් ද ..ආයෙත් කියපන් කියලා අහන්න පුලුවන්ද ..

ඕකා මට ඕක වෙන තැනක කිව්ව නම් මෙලහකට මන් ඕකව පෙරලගෙන කිස් කරලා නැත්තන් බදාගෙන අඩලා ..ඒත් ඌ මොකද්ද කරේ .. මට එහෙට මෙහෙට හෙල්ලෙන්නවත් බැරි තැනකට එක්කගෙන ඇවිල්ලා කරකවලා අත ඇරියා ..

මන් ඌ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ ..මට ඒක ඇහුනා හරිද අහන්න වගේ .. උගෙ ඉන වටෙන් ගිහිල්ලා ශීට් එකෙන් අල්ලන් හිටපු මගෙ අතෙන් බාගෙකුත් එක්කයි ඌ ශීට් එක අල්ලන්හිටියේ .. ඌ ඒ අත තද කරනවා මට දැනුනා ..

ඌ මා දිහා බලන් හිටියේ ලාවට වගෙ හිනා වෙලා .. හෙන නිවිලා . මට හෙල්ලෙන්න පෙරලෙන්න බැරි වෙන්න ගැට ගහලා මට ගිනි තියලා උබ නිවිලා හිටියම සේරම හරි මෙතන ..

කරන්න පුලුවන් ලොකුම #රි වැඩේ කරලා දැන් උබර් හිනා වෙයන් බල්ලා ..

මන් ආයෙම එහෙම්මම ඉස්සරහා බලා ගත්තා හිත දාහක් මගුල් නැටුවට මොකද මම ඉන්නෙ තාමත් ශොක් වෙලා  ..
ආහ් මගුල ඔන්න පටන් ගත්තා දාඩිය දාන්න ..

මම එලිය බලන් හිටපු ජනේලෙ ලග හිටපු කෙල්ල කොන්ඩෙ හද හද හෙන රැගිල්ලක් දානවා අපේ  දිහා බල බල ..  ඒකි මේ පැත්ත බලන් ඉන්නකොට මම රවා ගත්තා .. වෙන මොකවත් නිසා නෙවෙයි අරූ මට කියපු දේ මාව මෙහෙම ගැටගහලා හිර කරලා කියපු හින්දා මට ඒකට රියැක්ට් කර ගන්න  බැරි උන හින්දා ..

උරුමක්කාරයාDonde viven las historias. Descúbrelo ahora