රත්නපුර දිස්ත්රික්කයේ කොළොන්න කෝරළයට අයත් වන මේ අපූරු පෞරාණික තේජාන්විත ගොඩනැඟිල්ල “මඩුවන්වෙල වලව්ව” ඇඹිලිපිටිය, සූරියකන්ද මාර්ගයේ කි. මී. 24ක් පමණ ගමන් කිරීමෙන් පසු හමුවෙයි.
එහි ඉතිහාසය මහනුවර යුගය දක්වාම දිව යයි, දෙවනි රාජසිංහ රජතුමාගේ කාලයේ ජීවිත් වූ මඩුවන්වෙල වික්රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයා සුදු ගෝනෙකු රජුට තිලිණ කිරීම වෙනුවෙන් මේ සුවිසල් නින්දගම ඔහුගේ පරපුරට ලබා දී ඇත.
මඩුවන්වෙල වලව්ව ඔහුගෙන් පසු සියවස් කිහිපයක් පුරාවට මඩුවන්වෙල පරපුරට වාසස්ථානය විය. 1930 දශකය වනවිට මේ වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇත. එහෙත් අද වනවිට ශේෂ වී ඇත්තේ ඉන් කාමර 43ක් හා මැද මිදුල් 7ක් පමණකි.
ශ්රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාවේ මේ පරපුරේ අන්තිමයා සේව වඩාත් ප්රසිද්ධියට පත් මිනිසාද වෙයි. මඩුවන්වෙල පරපුරට සෙවන දුන් මේ මඩුවන්වෙල වලව්ව සුවිශේෂී නිර්මාණයකි.
සටහන හිමිකම මුල් අයිතිකරුවන් සතුය.
#Cpd
ඉතින් ඕක තමයි මඩුවන්වෙල වලව්වෙකතාව ..
ඔය බෝල්ඩ් කරලා තියෙන කොටස තමයි උරුමක්කාරයා කතාවට මම අරගෙන තියෙන්නෙ .. ඒ කොටස මම මට ඕනේ විදිහට පොඩ්ඩක් වෙනස් කරලයි අරගෙන තියෙන්නෙ ..( ඒ මිනිස්සු වලෙන් නැගිටලා ඇවිලා මගෙ කනට ගහයිද දන්නෙ නෑ මේ මොන මගුලක් ද මේ ලියලා තියෙන්නෙ කියලා )
පොඩි පොඩි ඇත්තම කරුනු ටිකක් එක්ක මන් මනඃකල්පිත ව නිර්මානය කරපු කතාවක් තමයි
අර මැණිකෙට ලැබුන දරුවා වලව්ව දීපු රජතුමාගෙ කියන එක .. ඒක නිසා ඇත්ත අතීත කතාව එක්කලා මම මේ හදලා තියන කතාව පටල ගන්න එපා හරිද .. නැත්තන් මට මිනිස්සු නඩු දායි අතීතය විකෘති කරයි කියලා ..
උරුමක්කාරයා කතාවෙ ඇතුලෙදි
* අදාල රජතුමා වලව්ව මඩුවන්වෙල ලට තෑගි කරන්නෙ මීට අවුරුදු 100කට කලින් ඒ කියන්නේ 1924 දි .
*ඊළගට තේනුනාත් මඩුවන්වෙල ගැන ගත්තොත්
ලොකු නැන්දා ඇවිල්ලා ' මන්ද්බුද්දික ' කියන වචනයෙන් අදහස් කරේ ..අර ආබාධිත අය ඉන්නෙ මනස වර්ධනය වෙන්නෙ නැති හරියට තේරුමක් නැති එහෙම කෙනෙක් ..
මගේ මතයට අනුව 'මන්දබුද්දික' කියන වචනෙට මම පෞද්ගලික ව ආස නෑ .. එහෙම කියන්න හොද නෑනේ ඒක නිකන් හෙන සැර වැඩි වගේ ..
* එතකොට නාත්ගෙ අම්මා ගෙ යාලුවා තමයි සියෙල්ව හොරෙන් අරන් ගිහින් හදා ගන්නෙ .. කලින් චැපියෙ නැන්දා කියන්නෙ නාත්ගෙ අම්මගෙ යාලුවා අනෝශා මොර ගොඩ ගැන
*අහල්ය ගෙ අම්මාගෙ නම විදිහට උප්පැන්නෙ තියෙන්නෙ සරෝජනී මතක ඇතිනේ .
ආයෙත් කියන්න තියෙන්නෙ මඩුවන්වෙල වලව්වෙ ඇත්තම කතාවයි මේකයි පටල ගන්න එපා හාද ..
ඔයාලට ගොඩක් ප්රශ්න ඉතුරු වෙලා ඇති දැන් කතාවේ අවසානෙට ඇවිල්ලයි කියපුවම , මම කිව්වෙ ඉතින් 90 න් ඉවර කරනවා කියලා මිසක් දැනටම ඉවරයි කියලා නෙවෙයි හොදේ ...
එහෙනම් ඊලග චැප්පෙන් ආයෙත් සෙට් වෙමු ..
දිගචැප්පක් දෙන්න හින්දා බොහෝ දුරට හෙට උදේ හෝ අද රෑ වෙයි..බලමු ..