නම යුනාත් අයේෂ්‍ය මඩුවන්වෙල
ගම රත්නපුරය
O/l වෙනකන් ස්කූල් හොස්ටල් එකේ ඉදලා දැන් ගෙයක් අරගෙන ඉන්නෙ
මේ තියෙන්නෙ ගෙදර address එක
6As 2B s o/l result
A/l වලට බයෝ කරන්නෙ
බයෝ වලට වහිත සර් ලග සදුදා හවස 3-6
පිසික්ස් කුලතුංග සර් බ්‍රහස්පතින්දා දෙකම අකෙන්‍යා එකේ 3-6
කෙමෙස්ට්‍රි විජෙබණ්ඩාර සර් ගෙ ලාහිරු එකේ සිකුරාදා 4-7
යාලුවො දෙන්නයි එකෙක් උබේ කසියා රහේන් අනිකා අයාල් යේශ්මිත්
දැනට ආරංචි මාර්ග පවසන විදිහට සිංගල්
උදේ පාන්දර කාමරේට කඩා වැදුන නෙරා මට වද දීලා වද දීලා ඇහැරවලා කියවගෙන කියවගෙන ගියේ මූ මේ කියන්නෙ මොන මගුලක් ද කියලා නොතේරෙනකොට ..
"මොන මගුලද්ද බන් කියවන්නෙ "
"ඇයි යකෝ මේ තෝඅර හොයා දීපන් කියලා මැරෙන්න හදපු එකාගෙ විස්තර .. "
"අනේ මේ මන් මැරෙන්න හැදුවෙ නෑ .. බොරු කතා හදන්න එපා තෝ "
ඌ නිකන් මා දිහා බලන් හිටියේ අර කොටු කොටු ශර්ට් එකක් ඇදගෙන ඉනට අත් දෙක තියාගෙන ඉන්න තට්ට මනුස්සයා වගේ ..
මන් ඌව තඹේකට මායිම් කරන්නෙ නැට්ජුව අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා ..
ඉතින් පහුවදා දවස කොහොම හරි ගෙවාගෙන ස්කෝලේ ඇරිලා ගෙදර ගිහින් මන් හිටියේ එහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද ..
තාම යුනිෆෝම් ගලවලත් නෑ ..
"එදා ගමන උඹට මොන යකාද වැහිලා තියෙන්නෙ .. " ගෙදර ඇවිත් ඇදුනුත් මාරු කරලා තඩි බත් පිගානක් මගේ ඇදේ වාඩි වෙලා ගිලින ගමන් නෙරා ඇහුවා ..
"අපි පොඩි ගමනක් යමුද බන් "
අරූ උරහිස් ඇකිලුවා .
"යමන් ඉතින් "
කොහෙද කින්ද මන්ද නෑ ..අපායට එක්ක ගියත් හා !!
මම නෙරාවත් ඇදගෙන පහ මාර වෙනකොට ගියේ අකෙන්‍යා එක ගාවට .. කෙලගෙන ආවට මොකද මම වත් දන්නෙ නෑ ඇයි මම මෙතනට ආවේ කියලා පැය තුන හතරක් විතර දිග පැය භාගයක් ගෙවා ගත්තට පස්සෙ මහෙ යටහිත අරින්කන් බලන් හිටිය ක්ලාස් එක ඇරිලා ලමයි එකා දෙන්නා ආවත් මම හොය න රූපේ තාම නෑ ..