"කෑවද ?? " එහා පැත්තෙන් ඇහෙන රස් ගෙ කටහඩ මම අහගෙන හිටියෙ ඇස් පියාගෙන ..
"ම්ම්..ඔයා.."
"මාත් කෑවා .. පොඩීට සේලයින් එකක් දීලා තියෙන්නෙ ..තාම නිදිනේ ඌ .."
"ම්ම්"
"නාත් ..."
"ම්ම්"
"උඹත් ටිකක් නිදා ගනින් .. මහන්සීනේ උඹට "
"...."
"අනික උබ බය වෙන්න එපා ..මන් මුන් දෙන්නව පරිස්සමට බලා ගන්නම් "
"හ්ම්ම් "
"හරි එහෙනම් මන් තියන්නම් ..ගුඩ්..න.."
"රස් !!" ඌ ගුඩ් නයිට් කියන්න හැදුවත් මම ඌට හදිසියෙම කතා කරා ..
ඒත් ඌ එහා පැත්තෙන් ඇයි ඇහුවේ නෑ ..
"උඹත් පරිස්සමෙන් .."
"හ්ම්ම්..."ඒ පැහ්තෙන් ඌ ලොකු හුස්මක් පාත දානවා මට ඇහුනා වෙනකොට ඊලග තපරේ උ කතා කරා ..
"ඉක්මනට වරෙන් ..මන් බලන් ඉන්නවා "
"ම්ම්"
.
.
"උඹට හිතෙන්නෙ නැද්ද , අර ඇවිල්ලා ඉන්න ගෑනු කෙනාගෙ අමුත්තක් තියනවා කියලා " ඌ ඇහුවත් මම නෙවෙයි උත්තර දුන්නේ ... මම හිටියේ මගේම හිතත් එක්ක ගනුදෙනුවක වෙනකොට මගෙන් උත්තර නැති තැන ඌම ඌට උත්තර දීගත්තා .."උඹලාගෙ මාමා ගාවට වෙලා ඉදගෙන හෙන මැණිකෙ ලයින් දෙනවා වගේ මට හිතෙන්නෙ .."
"නැන්දා ඉන්නේ මේ වලව්ව ඇතුලේ මයි "
මොහොතකට ඇස් වහ ගත්ත මම හමාගෙන ආව හුලගට ඉව අල්ලා මිමිණුවා ."මොකද්ද " රහේනයා ගේ කට හඩ ඇහුනා වෙනකොට .. ඇද උඩ වාඩි වෙලා හිටපු උගේ අඩි සද්දෙ ලග ලගම ඇහෙනකොට මම ඇස් ඇරියා ..
"ම්..මටහ්..දැනෙනවා ...
ලේ වල කුයිලේ .. "
රහේනයා මොකුත් නොකියා නලල රැලි කරගෙන මම මොනාද කියන්නෙ කියලා නොතේරෙන ගානට මා දිහා බලාගෙන ඉන්නකොට හැගීමක් නැති හිස් ඇස් වලින් මන් ඌ දිහා බෙල්ල හරවලා බැලුවා .
මට මගේ ඇස් වල ජීවයක් තියෙන බවක් දැනුනේ නෑ ..
"උඹට දැනෙන්නෙ නැද්ද .. අමු ලේ වල පිලි ගද .. මේ හුලගත් එක්ක ගහගෙන එන " මම හරි වියලි විදිහට ඇහුවා .