"මෙතන මොකද කරන්නෙ රස් "
දොරලග හිටපු රස් ලගට ගියපු මම ඇහුවා ..
"තමුසෙ මොකද මේ මහා රෑ මෙතන කරන්නේ ..
ආයෙමත් අපි ඇද උඩ .. අනිත් උන් ටික තාමත් නින්දේ .. පොඩී සූකිරි ගෙ අස්සෙ රිංගගෙන .. රහේනයා නිකන් පොල් කොටේ වගේ නිදා ගෙන ඉන්න යේශ්ව තුරුල් කරගෙන ...
හ්ම්ම්ම්... මම කල්පනා ... ඒ ඩොකියුමන්ට් එක මොකක් වෙන්න ඇතිද .. ඒකේ පාටෙන්ම පේනවා අවුරුදු දහයක් පහලවක් එහා මිසක් මෙහා වෙන්න බැහැයි කියලා .. කමක් නෑ හෙට ගියාට පස්ස් මොනවා හරි හොයා ගන්න බැරි යෑ ..
අනික අර වයසක මනුස්සයා .. එයා මාව දැක්ක ගමන් ම පුදුම වෙලා මට ස්කෝලේ මහත්තයා කියපු හැටි
ඒ මනුස්සයා පොලොවේ පස් කන්න හදපු නැති ටික විතරයි මම ඒ මනුස්සයා ස්කෝලේ යනකොට හිටපු ස්කෝලේ සර් වගේමයි කියලා ..
ඒ මනුස්සයට සර් ගෙ නම මතක නෑ .. කොහොම හරි එයත් මඩුවන්වෙල කෙනෙක් ම තමයිලු
කොයි මඩුවන්වෙල ද ස්කෝලෙක උගන්නන්න ගියේ ..
එක අතකට ඉතින් පෙනුම නම් සමාන වෙන එක කොහොමත් සාමාන්‍ය යයි කිව්ව හැකි එකම පවුලෙ හින්දා ..පස්සෙ ඒ මනුස්සයාත් කිව්වා දැන් ඇස් පෙනීමත් නරක එකේ ඒ මනුස්සයට වැරදෙන්න ඇති කියලා ..
හ්ම්ම් ..
ඒ මනුස්සයාගෙනුත් අපි අහලා බැලුවා .. ඒ සීයාටත් දැන් අවුරුදු අසූවක් වගේ වයස .. ඉපදුන දා ඉදලම මේ ගමේලුනේ හිටියේ ..
ඒත් එයත් කිව්වේ අප්පච්චි ගැන අනිත් අය කියපු දේම තමයි ..
ඉපදිලා අවුරුද්දක් වෙනකොටම අප්පච්චි ගේ ගැන ආරංචියක් නැතිව ගියාලු ..
හැමෝම වගේ හිතාගෙන හිටියේ .අප්පච්චි කොලඹ හරි කොහේ හරි පිට නගරෙකට ඇරලා කියලලු ..
මුල් කාලේ අපේ අම්මා පේන්න හිටියත් මාව හම්බ වෙන්න ලං වෙන්න වෙන්න වැඩිය දකින්න වත් හම්බ වුණේ නෑලූ ..
ඊට පස්සෙ එයා නැති උනාලු ..
මාවත් අවුරුද්දක් වෙද්දි වගේ නැන්දා වලව්වෙන් එලියට ගෙනිච්චලු ..