25

977 116 72
                                    

"අඩේ අරූගෙ නමේ ඉතුරු කෑල්ල මන් හොයා ගත්තා .. පොඩි පගයා ... ඌ  .. ඌ   ... යුනෙත් "

ලාවට වගේ වැදිලා ඉන්න යේශ් කියවනවා .. ඌ හොයාත්තලු අහල්‍ය ගේ අනිත් නම . ඔව් ඉතින් ඔය නමක් හින්දා උන් දෙන්නා අයි ඩී එකක් උස්සගෙන ගේ වටේ මැරතන් දිව්වානේ ..

"ඒ..ක නිකන් අහලා .. පුරුදුයි වගේ නේ  ..හ් බන්ග්.. යුනෙත්. යුනෙත්  .  මතක් වෙන්නේ නෑනේ ...යකෝ ...ඒත් මට මතකයි මට මතකයි මොකෙක් හරි එකෙක් ඉන්නවා ඒ නම තියෙන ..උ.ම්බේ..එක්..ස් කෙනෙක්..වද්..දා..රහා .." ඇගිල්ලකුත් දික් කරගෙන  ඌට රහාගෙන් නම් උත්තරයකට කලින් ලැබුනේ රැවුමක් .

"මන් කවද්ද යකෝ කොල්ලො එක්ක යාලු වෙලා උන්නේ .. "

"ශොරි බොශා.. අමතක උනා .. "

කට්ටිය ෆිල්ම් එක බැලුවට මොකද අරූගෙ කටේම තිබ්බෙ යුනෙත් ..

"යුනෙත්..

යුනෙත් ..

යුනාත් ..

අඩේ හුත්තෝ යුනාත් "

අරූ එක පාර කෑහනකොට අපි කට්ටියම උඩ ගිහින් බිම වැටුනා .

"උඹ .. අයේශ්‍ය උඹ .. උබ "

අරූ ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ ලගට ආවා .

"උබ නේ යුනාත් "

මන් ඌ දිහා බලන් හිටියේ ඌ මොනාද කියන්න හදන්නෙ කියලා ..

"හුත්තෝ පඹයෙක් වගේ ඉන්න එපා පකයෝ .. උඹ තේරෙන්නෙ නැද්ද ?? "

මොන මල විකාරයක් ද මූ මේ කියවන්නෙ ..මන් යුනාත් ඉතින් .. අහල්‍ය යුනෙත් ඉතින් ..

"බල්ලො .. උබ යුනාත් අයේශ්‍ය අරූ යුනෙත් අහල්‍ය . පොල් බූරුවෙක් වගේ හිටන් ඉන්නෙ උබට තේරෙන්නෙ නැද්ද ඒ නම් දෙකේ තියෙන සමාන කම "

"ක්..හැහ්..ක්..හැක්.."

මන් ඇස් ලොකු කරගෙන මගේ කොලර් එකෙන් අල්ලගෙන ඉන්න  යේශ් දිහා බලාගෙන හිටියා . උගේ වෙරිත් හිදිලා වගේ දැන් ..

"ක්..හ්ම්.. මල්ලි ඉතින් එක වගේ නම් තියෙන අය ඕනේ තරන් ඉන්නෙ "

මෙච්චර වෙලාම කැහැ කහැ උන්න අයියා කියනකොට අරූ මගේ ශර්ට් එක අත ඇරියා .

උරුමක්කාරයාWhere stories live. Discover now