ස්ටිකි නෝට් දෙකයි හෙඩ් බෑන් එකයි ගලවලා ගත්ත මම ඒ දෙක මේසෙ උඩින් තිබ්බා . තියලා ඇද උඩ එහෙ මෙහෙ වැටිලා තිබුන කලු පාට බොත්තන් ටික එකතු කරා . පව් හැබැයි කොහොම ගියාද දන්නෙ නෑ ශර්ට් එක්ත් ඇරගෙන .
ඒ බඩු ඔක්කොම ටික අල්මාරියේ ලාච්චුවෙ දාලා වහලා මන් පහලට ගියෙ වොශ් රූම් එකට යන්න . ඒත් කෝල් එකක් ආව නිසා මන් ඔහොම්ම නැවතිලා ඒක ආන්සර් කරා .
"සුභ උපන්දිනයක් චූටි මහත්තයො " මට හිනාවක්ගියා .. නැන්දා තමයි හැමදාම එකටම මට කතා කරන්නෙ .
"තැන්ක් යූ නැන්දා "
"දැන් ඉතින් මගෙ කොල්ලා ලොකු ඉලන්දාරියෙක් නේද "
මන් ඒකට මොකුත් නොකියා හිනා වුණා .
" ඔන්න අයියා ත් හවස් වෙනකොට එයි ඔය පැත්තේ ...මන් ඒ අතේ පුතාට කෑම ටිකක් හදලා එවන්නම් කෝ "
."ආ...කියන්න අමතක උනානේ චූටි මහත්තයා ..ශ්‍රී.පුතා..බීප් බීප්..."
" හෙලෝ නැන්දා ..." නැන්දා සියෙල් ගැන මොනා හරි කිඅයන්න හදනකොටම කෝල් එක කට් වෙලා ගියා ..
.
.
.දැන් ස්කෝලෙ යන්නත් තියෙනවනේ .
"උඹ අද යනවද බන් "
රහේනයා අහනකොට මන් ඔලුව වැනුවා .
"අහල්‍ය නම් යන්නෙ නෑ වගේ "
"කමක් නෑ ඌ ඉදපු දෙන් "
මන් වොශ් දාගෙන කරගෙන ලෑස්තිත් වෙලා අහල්‍ය ගෙ කාමරේට ගියා.
"අහල්‍ය !!"
මන් එලියේ ඉදන් කතා කරා ..
"ආ එන්න බේබි "
කොල්ලා ඇදට වෙලා ඉදලා තියෙන්නෙ ..
"ඇගට අමාරුයිද .. බෙහෙත් බිව්වද "
"ඔව් බේබි දැන් අඩුයි "
"හ්ම් ..පරිස්සමට ඉන්නව එහෙනම් මන් ගිහින් එන්නම් "
මන් පොඩි එකාගෙ කොන්ඩෙත් අව්ල් කරලා එන්න ආවා ..
.
.මන් එනකොට සියෙල් ඉන්නවා ගේට්ටුව ගාව . අද එන්නත් පොඩ්ඩක් පරක්කු උනා නේ මම.
සියෙල් එතනින් යන්න කලින් ගිහින් මන් ඌට කතා කරා .
"සියෙල් !! "