අහල්‍ය ක්ලාස් ගියා . මන් හිටපු සෝපා එකේම දිගා වෙලා පොතක් දිග ඇර ගත්තා.
මේ හු#තේ ඔලුවේ කැක්කුම . සෝපා එකේ දිගා වෙලා හිටපු මම බල බල හිටපු පොත වහලා දාලා ඇස් පියා ගත්තා .උදේ ඉදලා මාර ඔලුවේ කැක්කුමක් . ඒ හින්දම සෝපා එකට වෙලා ඇස් වහගෙන උන්නට දැන් නම් ඇස් දෙකෙන් ගින්දර පිට වෙනවා වගේ .
කන්නත් පිරියක් නැති තැන මන් කුස්සියට ගිහින් පැනඩෝල් දෙකක් ගිලලා ඇවිත් ආයෙමත් සෝපා එකේ ගුලි උනා .
මන් දන්නෙත් නැතුවම මට නින්ද ගිහින් . මන් නැගිටිනකොට ත් ගේ පුරා තිබුන අන්ධකාරෙ නිසා මන් පැය ගානක් නිදියලා කියලා මට තේරුම් ගියා . නින්ද ගිහින්ද සිහි නැති වෙලාද මෙච්චර වෙලා .
දැන් නම් නිකන් වෙරි වගේ . ඇයි මෙච්චර කලුවර පොඩි එකා ඇවිත් නැද්ද .
වැනි වැනි ගිහින් ලයිට් එක ඔන් කරපු මම හිමීට පඩිපෙල නැගගෙන් උඩට ගියා .වෙනදට තප්පර දෙක තුනෙන් නගින පඩිපෙල නගින්න අද හැට පැයක් විතර ගියා
කොල්ලගෙ කාමරේ දොර හායි ගාලා ඇරලා දාලා වගේම කට්ට කරුවලයි . මන් බිත්තිය අතගාලා හොයා ගත්ත ස්විච් එක ඔන් කරලා කාමරේ පුරා ඇස් ගෙනිච්චා .
තාමත් ක්ලාස් ගිය ඇදුම පිටින් ඇදේ හරහට නිදි .
"අහ..ල්‍ය. " හෙම්බිරිස්සා කටහඩින් මන් කතා කරත් පිට වුණේ කෙදුරුමක් විතරයි.
ඇස් දෙක වැහෙන්න නලල හරියෙන් අතක් තියාගෙන උන්න කොල්ලගෙන් ප්‍රතිචාරයක් නැති තැන මන් ඌ ගාවට ගිහින් ඇදෙන් ඉදගෙන උරහිසෙන් අත තියලා හෙලෙව්වා .
"අහල්‍ය " කොල්ලගෙ අදුන් තෙතයි ඒ මදිවට . වැස්සෙ තෙමිලද මන් දන්නෙ නෑ .
"ම්ම් " කෙදුරුමකින් විතරක් උත්තර දෙනකොට මන් ආයෙ හෙලෙව්වා .
"නැගිටිනවා "
කොච්චර කතා කරත් එච්චරයි . තොලූත් සුදු මැලි වෙලා . ඌටත් වැඩේ සෙට් වෙලා වගේ .
මගේ පෝන් එක ගේන්න ආයෙම පහලට යන්න ඕනේ හින්දා කොට්ටෙ අස්සෙ තිබිලා හම්බ වුණ කොල්ලගෙ පෝන් එකෙන් රහේන් ට ඩයල් කරත් ඌ උස්සන්නෙ නෑ .. කොල් හතරක් විතර අරගෙන බැරිම තැන් යේශ් ට ගන්න හදනකොට ඒකට කෝල් එකක් ආවා .