"උබට මතකද මට උබව මතක නැතුව හිටිය කාලේ"
මම අහනකොට අර චිත්‍රේ ඇස් අලවගෙන හිටපු නාත් එක පාරට ගැස්සිලා මගෙ දිහා බැලුවා වගේම උගෙ මූණ අදුරු උනා .
"ඒ කාලෙ මට උබ කියන්නෙ තනිකරම ආගන්තුකයෙක් , හිතේ පුරුදු හැගීමක් තිබ්බත් උබ ඒ දවස් වල මට තනිකරම ආගන්තුකයෙක් නාත්
මට එතකොට මේ හීන මේ චිත්‍ර ගැන කිසිම මතකයක් තිබුනේ නෑ..මම යූ කෙ ඉන්න කාලේ මම හීනයක් දැක්කා .
ඒක වලව්වක්
මම කොරිඩෝ එකක් දිගේ ඇවිදගෙන ගිහින් කෙලවරේම තියෙන කාමරයක්
දොරට තට්ටු කරාම දොර ඇරලා හිනා වෙන දුබුරු පාට ඇස් දෙකක්
මම දැනගෙන හිටියේ , මතක තිබුනේ , මෙච්චරයි
ඒ හිනා වෙන දුඹුරු ඇස් වල අයිතිකාරයා ගෙ නම සසද කියලා වගේම
සසදව අයිති ඒ වලව්වට කියලා විතරයි
ටික දවසකට පස්සෙ මුහුදත් එක්ක බැදුන මතකයක් විදිහට මට ආයෙමත් ඒ ඇස් හිතේ ඇදුනා වෙනකොට දවසින් දවස පැහැදිලි වෙන රූපෙ මම කැන්වස් එකක් උඩට අරගෙනත් කල්පනා කරා මේ දුඹුරු ඇස් අයිතිකාරයා කව්ද කියලා .
බැරිම තැන රහේන් ගෙන් ඇහුවම ඌ මට දුන්න උත්තරේ මාව කරකවලා අත ඇරියා .
ඌ පලවෙනි සැරේ මගෙන් ඇහුවේ 'උබ විහිලු කරනවද නිතික' කියලා ඇහුවා .
මන් දෙවනි වතාවෙ උගෙන් අහනකොට ' යුනාත් අයේශ්‍ය මඩුවන්වෙල මගෙ හොදම යාලුවා' කියලා කිව්වා.
රහේනයා කියන්න විදිහට යුනාත් කියන්නෙත් මගේ හීන වල ඉන්න සසද කියන්නෙත් දෙන්නෙක් වෙන්න පුලුවන් ද කියලා මම කල්පනා කරා . සමහර විට මම ඇදපු රූපොඑට සමාන රූපයක් රහේනයගෙ යාලුවට තියෙන්න ඇති කියලා හිතුවා , නැත්නම් යුනාඅත් ගෙම පෙට් නේම් එකක් වෙන්න ඇති කියලා හිතුවා .
කොහොම හරි මගෙත් ඒ රූපෙ අයිති කාරයගෙත් එච්චර හොද සම්බන්දතාවයක් තිබුනේ නෑ කිව්වම මම තවත් පුදුම උනා . ඉතින් එහෙනම් ඇයි මට අනිත් හැමෝමව මතක තිබිලා උබව විතරක් මතක තිබුනේ නැත්තේකියන ප්‍රශ්නේ ඇති උනා .