"ඔය ශර්ට් එකේ බොත්තම් දාගන ටයි එක හරියට බැද ගනින් "
උදේ ස්කෝලෙට යනකොට මූණට මුලිච්චි උන රූරස්ට සුපුරුදු බැල්මෙන් කිව්වා .
"ඒ අයා පිස්සුද බන් මේක අපේ ස්කෝලෙ නෙවෙයි උන්ගෙ ස්කෝලේ "
මායි අරුයි හිටගෙන මූණට මූණ බලාගෙන ඉන්නකොට මගෙ එහා පැත්තේ හිටගෙන හිටපු යේශ් මට ඇනලා කිව්වා .
"ස්කෝලේ මොකක් උනත් විනය හැම තැනටම එකයි නෙ බන් " මන් ඌ දිහාවට හැරිලා කියනකොට රහේනයා නම් ඌට අදාල නෑ වගෙ එක බැල්මක් දීලා ආයෙ උඩ බලාගත්තා .
"ඒක නම් ඇත්ත බන් .. උබ මගේකා බන් .. අර බලපන් අර අරුත් බොත්තම් ඇරගෙන .. පොඩි පගයා විනය කෝ මුන්ගේ .. ඉදපන් මන් දෙකක් ඇනලා එන්න ..
ඒ මල්ලේ .. උබ..ඔව් ඔව් උබ තමයි .. " කියාගන කොල්ලෙක් පස්සෙ දුවනකොට මට දෙයියො සිහි උනා .
ඒ අස්සෙ මගෙ ඉස්සරහා ඉන්න එකා හිනාව හිර කරගෙන මැරෙන්න හදනවා .
" ක්.හ්ම් .. තැන මොකක් උනත් විනය හැමතැනටම එකයි උඹට තේරුනාද නෙරා "
හිනාව කාගෙන උනාට ඌට හිනා යනකොට බොත්තන් දාන ගමන් එහා පැත්තේ ඉන්න උගෙ යාලුවට කියන මුවාවෙන් මට හින්ට් ගහනවා . මන් උගෙ උරහිසෙත් හැප්පීගෙන එන්න ආවා .එන්න ආවාට ඌව පහු කරගෙන එනකොටම මට හිනාවක් ගියෙ යේශ් උගේ ශර්ට් එකේ බොත්තන් ටික පරිස්සම් කරගෙන ආවොත් ඇති කියලා හිතිලා
අද සියෙල් ස්කෝලේ ඇවිල්ලා නෑ වගේ .. නැත්තන් ඌ මෙලහකට මාව ඇදගෙන ගිහින් මගේ බත් මුල ඉවරත් කරලා .
අද මොනාද දන්නෙ නෑ පොඩි එකා උයලා තියෙන්නෙ .
.
.
."හෙලො චූටි බේබි "
"තමුසෙ පරිස්සමට දොරවල් වහගෙන ඉන්නවා හරිද මන් එද්දි තව රෑ වෙනවා .. "
පොඩි එකාට කෝල් කරලා කියලා මන් බස් එකට නැග්ගා .. දැනටමත් වෙලාව අටයි . ගෙදර යද්දි නමය නමයාමාර වත් වේවී.
සෙනග වැඩිපුර නැති ලංගමේ මන් පිටිම පස්සෙ ශීට් එකට ඉස්සරහා ශීට් එකේ ඉදගත්තා .
අද පේපර් ක්ලාස් එකක් ඒකත් දාලා තියෙන්නෙ හලාවත . ස්කෝලෙ ගිහින් ඒ පිම්ම ක්ලාස් එකට ගිහින් එනකොට හොද ගනන් .