"ක්.හ්ම්.." මට තේක ඉස්මොල්ලෙ ගියා .. වෙන මොකටවත් නෙවෙයි ..දැන් මම කොහොමද ඕකට ප්‍රතිචාර දක්වන්න ඕනෙ කියලා හිතා ගන්න බැරි උන හින්දා ..
දැන් මම පුදුම වෙන්න ඕනේ ද ..
මුන් දෙන්නා කටවල් කාලා කරලා ඔක්කොම ඉවර කරලා ඇවිල්ලා කියනකොට .. ඔක්කොටම හපන් මන් ඔව්වා ඔක්කොම ලයිව් ම බලලා තියෙනකොට ..
මෙහෙම යි මම පුදුම උනා තමයි ..මොකද මම ඕක මෙච්චර ඉක්මනට මට කියයි කියලා බලාපොරොත්තු උනේ නැති නිසා ..
දැන් මම මොකද කරන්න ඕනේ .. කලින් ඉදන්ම දැනගෙන හිටියා කියනවද
දැන් දැන ගත්තා වගේ ඉන්නවද
කලින් ඉදන් දැනන් උන්නා කිව්වොත් කොහොමද කින්ද මන්ද සීන් ගොඩයි නේ ..
ඔන්න ඔහෙ දැන් දැන ගත්තා වගෙ ඉන්නවා .. මට තේරෙන්නෙ නෑ අපේ චූටියත් හොයා ගෙන තියෙන්නෙ මොන ජාතියක මිනිහෙක්වද කියලා ...
"මල්ලි..!! මල්ලි..!!"
"අහ් !! ..ඇයි ?? "
"මොකද උනේ . "
"මොකුත් නෑ .. අයියා මොකද්ද කිව්වෙ "
"මන් අහල්‍යට කැමති කියලා "
"ආ.. එහෙමද " මන් ඔලුවත් උඩ පහල වන වන කියනකොට සමුද්‍ර අයියා නිකන් මා දිහා බලන් හිටියෙ මොන අකාරයට ද කියන්න මටත් තේරෙන්නෙ නෑ ..
"ඇයි ඔහොම බලන්නෙ "
"උඹට කියන්න මොකුත් නැද්ද "
මන් මොනා හරි කියන්නත් ඕනෙ ද දැන් .. ඉතින් යකෝ මොනා හරි කියන්න ඉතින් ඌ කැමති කිව්වෙ මට යෑ ..
"ක්.හ්ම්.. මේ ඉතින් අයියා දැන් ඕක චූටිට කිව්වද .. " මන් ඉතින් මොකුත් නොදන්න තොත්ත බබා වගෙ ඇහුවා ..
"ම්ම් .."
"ඔව් ඉතින් ඇහුවා .. උගෙත් අකමැත්තක් නෑ මන් හිතන්නේ "
"මන් හිතන්නේ ?? " මන් ඇහි බැමකුත් උස්සගෙන ඌ දිහා බැලුවා .. තනිකර බොරුවනෙ මුගෙ ..
"හරි හරි බන් ඉතින් ඌ කැමති .. උබ මොකද කියන්නෙ .. "
හ්ම්ම්ම්...
"මෙහෙමයි අයියේ මම දන්න හැටියට උබේ මහලොකු කියන්න තරන් වැරද්දක් නෑ ..චූටි වගෙ අහිංසක කොල්ලෙක් ගැලපෙන්නෙ නෑ කියන්න තරන් දෙයක් මම දැනට දැකලත් නෑ .. උබලා දෙන්නා ආශ්‍රය කරලා බලපන් චූටි කැමති නම් එච්චරයි ..හැබැයි කාලයක් යනකන් සීමාවෙ ඉදපන් හරි.. මොකද හැගීම් වලට වහල් වෙලා පස්සෙ පසු තැවෙනවට වඩා කාලය අරගෙන හැම දේටම හිමීට වෙන්න දෙන එක හොදයි කියලයි අයියේ මට හිතෙන්නෙ ..