"ඔව් ..එයා තමයි ..මගෙ ආදරේ "
මගේ ඇගේ කරන්ට් එකක් දිව්වා වගේ මට දැනුනේ
බිව්වම වෙන උන් අඩා වැලපෙනවා නැත්තන් ගහගන්නවා තරහා ගන්නවා , ඒත් මූ !! ජීවිතේට දැකලා නැති හුරතලයක් නෙ තියෙන්නෙ .
" උබේ ආදරේද "
"ම්ම් මගෙ ආදරේ "
ඇස් දෙකත් වහගෙන ඔලුව පිටිපස්සට බර කරගෙන කිව්වා .
"මේ මේක ගනින් "
නෙරාල් දීපු ගිටාර් එක රූරස් අතට ගත්තා .
"උඹ ඌට කොච්චර ආදරේද "
"ගොඩා...ක් " ඒක අතකින් ගිටාර් එකත් අල්ලගෙන අත් දෙක දිග ඇරලා ගොඩා.ක් කියනකොට මූණ හුරතල් විදිහට හදා ගත්ත විදිහට මටත් හිනා ගියා .
" හරි මෙහෙමයි "
අරූ ඇස් වහගෙන ,තනියම හිනා වෙවී , ඔලුවත් දෙපැත්තට වන වන ස්ටූල් එකා එහා පැත්තටයි මෙහා පැත්තටයි කැරකිනවා .
බීලද නැත්තන් ගුලි කාලද කියලා හිතෙනවා ඒ මැකෙන්න් නැති හිනාව දැක්කම .
"උබට ඌව දැක්කම කියන්න හිතෙන සිංදුවක් උබේ ආදරේ වෙනුවෙන් කියපන් "
නෙරාල් ගෙන් request එකක් ද චැලෙන්ජ් එකක් ද නොදන්න යෝජනාවක්
"ම්ම්හ් .. ඌව දැක්කම මට සිංදු ගොඩක් මතක් වෙනවා බන් "
"හරි හරි ..එකක්!! එකක් !! එකක් කියපන් "
ගිටාර් එක ඔඩොක්කුවෙ තියාගෙන ගහන ගමන් ස්ටූල් එකේ ආයෙම කැරකුනේ අර painting එක දිහාවට .
ගිටාර් එක ගහන ගමන් ඒකත් එක්ක හිනා වෙලා
නුඹේ..ඇස් මා දැකලා
නුඹ ලගටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මන්
නුඹවම මා පැතුවේනුඹෙ ඇස් මා දැකලා
නුඹ ලගටම මා ආවේ
ආදරයේ අර්ථෙද මේ
නුඹ දැක මටමයි හැගුනේහැම රැය මේ නුඹෙ රුව මේ
මගෙ හදවතෙ ඇදුනේ ඒ......එ.......නා....නන...නා....
'ගොඩා...ක් ' කියපු වචනෙට උගේ මූණේ හැගීම් ඕනාවටත් වඩා ලොකු සාධාරනයක් කරනකොට හිනාවෙන් ඇස් වලින් කතා කරන ගමන් රූරස් ඒ painting එකේ ඉන්න කෙනා දිහා බලාගෙන හිතේ තියෙන හැගීම් කොච්චරද ඒ ඔක්කොම සිංදුවක් එක්ක වචන කරන හැටි මන් බලන් උන්නා .