19

984 117 29
                                    

ස්කෝලෙ යන දවස්දෙක තුන්නේ මට කියලා බත් කවා ගන්න එක සියෙල් දැන් පුරුද්දකට අරගෙන . ඌ වෙලාවකට කොච්චර නපුරු විදිහට අනිත් උන්ට සැලකුවත් මන් ගාව එක්කො හැගීමක් නැති ගානට ඉන්නවා . නැත්තන් ඌට දැනෙන දෙයින් අල්පමාත්‍රයක් විතරක් පෙන්නනවා .

මට ඌ ගැන ආදරයක් නෑ .. මන් කියන්නෙ ප්‍රේමයක් .. ඒත් හැබැයි මට ඌ ගැන  මස්සිනා කමට එහා ගිය  මන් වත් නොදන්න හැගීමක් තියෙනවා . මන් කැමති හැගීම් හිරකරගෙන ඉන්න සුදු මැලි මූණෙ හිනාවක් දකින්න .

"අහල්‍ය ගිහින් වතුර එකක් අරගෙන එනවා . "
ඒ කොහොම උනත් අහල්‍යව දැක්ක දුටු තැන පුප්පන එක තමයි උගෙ රාජකාරිය . අපි ඉන්න තැන පුප්පලා අපි නැති තැන ඌ අහල්‍යව ගානකටවත් ගන්නෙ නෑ ..

අපි ඉන්නකොට අහල්‍ය ඉද ගත්තත් වැරදි අපි නැති තැන අහල්‍ය ඔලුවෙන් හිටගෙන් හිටියත් අරූට ගානක් නෑ .

"මේ රස්නෙ ඇල්වතුර බොන්ඩ පුලුවන්ද ඕයි ගිහින් අයිස් වතුර එකක් අරගෙන එනවා "
වතුර වීදුරුවක් පීරිසියක් උඩ තියලා උස්සගෙන ආපු කොල්ලව ආයෙම හරවලා යවනකොට අයියා ඔලුව දෙපැත්තට වැනුවේ මූව නම් හදන්න බෑ කියලා වගේ .

අදත් අයියා ආවා . අයියා ආව දවසට ඉතින් සියෙල් අනිවාර්යයෙන් ම මෙහෙ තමයි .

මන් කාමරේට ආවෙ පාඩම් කරන්න තව හරියටම මාසයයි සති දෙකයි එක්සෑම් එකට හෙට ක්ලාස් යන්නත් ඕනේ..

පාලුයි ..

හිතට දැනෙන පාලුවට මන් පෝන් එක අරගෙන ig එක පැත්තට ගියත් මගේ හිතට දැනුන හැගීම වෙනසක් නොවුන නැත මන් ඔක්කොම දමලා ගහලා ඇදට ඇවිත් මම නිදා ගත්තා..

සාමාන්‍යයෙන් මන් නැගිටින්න එලාම් තියන්නෙ පාන්දර එකට උනත් අද ඊට කලිම මගේ ඇස් ඇරුනෙ ලාවට වගේ ඇහුන බයික් එකේ සද්දෙට  .

අන්‍ධකාරෙම මම සිවිලිම දිහා බලාගෙන හොදට ඇහුම් කන් දුන්නෙ මට ඒක ඇත්තටම ඇහුනද නැත්තන් ඒක මගෙ හීනයක් ද කියලා .. ආයෙත් වතාවක් බයික් එකේ සද්දේ වෙරල පැත්තෙ ඉදන් ඇවිත් නතර වෙනකොට මන් ඇදෙන් බැහැලා ගිහින් ලයිට් එක ඔන් කරගෙන බැල්කනි එකට ගියා  .

උරුමක්කාරයාWhere stories live. Discover now