ඌ නිදියන්නෙත් පේන්ටින් එක දිහා බලාගෙන උදේට නැගිටින්නෙත් පේන්ටින් එක දිහා බලාගෙන ...
.
.
"බන් ..නිතිකයා.. ඌ...
"ඌ අහනවා බන් ඒ කව්ද කියලා .. "
මට රහා කියපු දේ ගැන එකටම තේරුනේ නෑ .."කව්ද කියන්නෙ "
"ඒ .. පේන්ටින් එක බන් ... ඒකේ ඉන්නේ කව්ද කියලා ඌ මගෙන් අහනවා .. "
රහේනයා හරි පැහැදිලිව මේ පාර කිව්වත් මට ඒ ටික තේරුම් ගන්න ටිකක් වෙලා ගියා ..
"ම්..මොකක් "
එහා පැත්තෙන් සද්දයක් නෑ..
"උබ විහිලු කරනවා නේ රහා "
"නෑ බන් සිරාවටම "
මගෙ පපුව රිදෙනවා .. උගුර හිර වෙලා වචන එලියට එන්නෙත් නෑ ... ටිකක් වෙලා නිහඩව උන්න මම ආයෙම කතා කරා..
"උඹ තාමත් මට කියන්නෙ එදා හම්බුනේ නිකම්ම නිකන් බීපු ගෑනියෙක් කියලා ඒ වචන අමතක කරලා දාන්න කියලද රහා " මට පුලුවන් උනේ මුමුණන්න විතරයි .. කතා කරන්නවත් පණක් නෑ මට ..
එහා පැත්තෙන් බර හුස්මක් පාත දානවා විතරක් ඇහෙනකොට
"මන් උබට පස්සෙ ගන්නම් " කියලා පෝන් එක කට් කරා ..
ඌ අහනවලු ඌ ඇදපු චිත්‍රෙ ඉන්නෙ කව්ද කියලා .. මට හිනා ගියා .. අඩන්න බැරි කමට හිනා උනාට මොකද කදුලු කැට දෙකක් ඇස් වලින් එලියට පැන්නා...
"මම යකෝ මම ... ඒ චිත්රේ ඉන්නේ මම ...හ් "
මෙච්චර දවසක් හිර කරන් හිටපු කදුලු වගේම මගේ දුක තරහා ආවේගය ඔක්කොම එක පාර පුපුරලා ගියා ..