57

836 106 63
                                    

"යන් " බයික් එක ශේප් එකේ ඇතුලට දාලා නාත්ගේ අතින් ඇදගෙන මම ඇතුලට ආවා .. ආශ් හිතේ මල් දහසක් පිපෙනවා යකෝ මුගෙ අතින් අල්ලන්න පුලුවන් වෙනකොට ..

මම ලයිට් ඔන් කරන්නෙ නැතුවම සතුටු සිතින් ඌවත් අතින් ඇදගෙනම පඩිපෙල නැග්ගා ..

ටහුක්කන්ඩ කව්ද යකෝ ලයිට් දාපු පරයා !! පඩිපෙල නැගලා ඉවර වෙනවත් එක්කම එක පාර ලයිට් ඔන් වෙනකොට මාව එතනම හිට ගැනුනේ පිටිපස්සෙන් ආපු එකත් මගෙ ඉස්සරහ හිට ගන්නකොට ..

මට කෙල ගිලුනේ මගේ රූම් එකේ දොර ඉස්සරහා හිටගෙන අත් දෙකත් පපුවට බැදගෙන ඉන්න කෙනා දැකලා .

"ඩ්..ඩෑඩ් !!"

ඩෑඩ්ගෙ ඇස් මාව පහුකර ගෙන ගිහින් නතර වුනේ මම අල්ලන් හිටිය නාත්ගෙ අත එක්කලා වෙනකොට මම කරෙ අත අරිනවා වෙනුවට තවත් ටිකක් තද කරලා අල්ල ගත්ත එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩෑඩ්ගෙ ඇස් මාව පහුකර ගෙන ගිහින් නතර වුනේ මම අල්ලන් හිටිය නාත්ගෙ අත එක්කලා වෙනකොට මම කරෙ අත අරිනවා වෙනුවට තවත් ටිකක් තද කරලා අල්ල ගත්ත එක ..

තද කොලපාට සරමකට කලුපාට ආමි කට් එකක් ඇදලා මූණත් යකා වගේ කරගෙන ඉන්න ඩෑඩ් දිහා මම බලන් හිටියා .

"කාගෙන් අහලද එලියට ගියේ රූරස් ??"

හරි පුතේ උබට තව සතියක් නොමිලෙම ලොක් ඩව්න් තමයි ..

"සොරි අප්පච්චි !!"

මන් ඇහෙන නෑහෙන ගානට මිමිනුවා ..

"ම්ම් .. දන්නවනේ වෙන්න ඕන දේ "  මගේ පිටිපස්සෙ හිටපු නාත් දිහ තියුනු බැල්මක් දාලා ඩෑඩ් කිව්වා ..

"ඔව් අප්පච්චි"

"යන්න පුලුවන් " ඩෑඩ් දොර ඉස්සරහින් අඩියක් එහාට තියලා කලින් තිබුන බැල්මෙන්ම යන්න පුලුවන් කියනකොට මම නාත් වත් ඇදගෙන රූම් එකට රිංගුවා .

"තමුසෙට අහන්න දේවල් නැද්ද "

රූම් එකට ගිහින් ලයිට් ඔන් කරලා මම අරුගේ අල්ලගෙම හිටපු අතින් මගෙ දිහාවට හරවගෙන ඇහුවා..

උරුමක්කාරයාWhere stories live. Discover now