71

613 97 65
                                    


*

"කොහෙද මේ දෙන්නත් එක්ක කලබලේ දුවන්නෙ"

පඩිපෙල බැහැගෙන ගිය අපි දෙන්නගෙ මූණට මුලිච්චි උනේ සමුද්‍ර අයියව .

"අහ් බොසා කොයි වෙලේද ආවේ"

"දැන් ආවා විතරයි "

රස් අහනකොට ඌ උත්තර දුන්නා .

"අහ් මේ මුන් ගෙ ගෙදර යනවා බන්"

"දැම්ම .. ලන්ච් අරන් යමන් ඉතින්"

"නෑ ඕයි මේ පොඩි නිවුන්නා ගෙදර නෑ කියලා සූකිරි නිවුන්නා කතා කරා ඒකයි"

"අහ්!"කියන ගමන් පිටිපස්සෙ හිටපු රහේල් අයියා දිහා බැලුවේ , ඌත් මුගෙ මූණට මූණ බලා ගන්න කොට .

"යන් එහෙනම් , මාත් දැන් කොහොමත් එහෙ යන්න එපැයි මල්ලිව බලන්න"

කියලා සමුද්‍ර අයියා ඉස්සර වෙන කොට රස් මාවත් ඇද ගෙන ඒ පස්සෙන් ගියා .

මේ මෝඩයා කොහේ ගිහින්ද පෝන් එකත් දාලා .

"අහල්‍ය"

අපි එනකන් එලියට වෙලා යේශ් එක්කලා බලාගෙන හිටපු සූකිරි මගෙ ලගට එනකොට මන් ඌට කතා කරා.

"තාම ආවේ නැද්ද"

"නැහැ ඕයි"

"හරි හරි ඕක ඔච්චර කලබල් වෙන්න දෙයක් නෙවෙයිනෙ , ඌ වෙනදටත් උන්න හිටපු ගමන් යනවනෙ එලියට . මන් අරූගෙ ඔලුව අත ගාලා කිව්වා.

"ඒ උනාට ඕයි එහෙම නොකියා යන සිරිතක් තියනවද , වෙන එකක් තියා වෙනදට කෝල් එකක් හරි දෙනවනෙ"

"බලමුකො තව ටිකකින් එයිනෙ , ඌට පෝන් එක අමතක වෙන්න ඇති "

මන් ඌව ශේප් කරගෙන ගෙට ගියේ අපේ එකා කොහේ යන්න ඇතිද කියලා කල්පනා කර කර , මොකද මූට යාලුවො ඉන්නවා කියලා යෑ.

හවස් වෙනකනුත් ඌව නැති තැන දැන් නම් මාත් මේ රත් වෙලා ඉන්නෙ . මම උන්ගේ අක්කලාගෙ ගෙදරටත් කෝල් කරත් අක්කා කිව්වෙ ආවේ නෑ කියලා.

දෙයියනේ පොඩී උබ මාව මරණවා බන්

ඌගෙ කාමරේට ආව මම මේසෙ උඩ තිබ්බ පෝන් එක අරගෙන චෙක් කරේ අඩුම මොකෙක් ගේ හරි නම්බර් එකක් වත් හොයා ගන්න උනත් ඒකේ අපේ සෙට් එකගෙ ඇරෙන්න තිබ්බෙ එක නම්බර් එකයි වෙනකොට මන් ඒකට කෝල් එකක් ගත්ත .

උරුමක්කාරයාWhere stories live. Discover now