සසද pov
ටක් ටක් ටක් !"
" සසද .. අවදි වෙන්න දරුවො ."
"ටක් ටක් ටක් ! "
දොරට තට්ටු කරන සද්දේ වගේම පුංචි අම්මාගෙ කටහඩත් ඇහෙනකොට මම අවදි උනා ..
"පුංචි අම්මා !! "
" පුංචි අම්මා තමා .. ඉක්මනට ලෑස්ති වෙලා එන්න දරුවො . ආන් අම්මයි අප්පච්චියි මග බලාන ඉන්නවා ...එනකන් "
.
.ඇද පැලද ගත්ත මම නතර වුණේ කණ්නාඩි මේසෙ ඉස්සරහා ..
ලානිල් පාට ශර්ට් එකකින් හැඩවෙලා උන්න මම කණ්නාඩියෙන් පේන මාත් එක්කම ලාවට වගේ හිනා උනා .
කොන්ඩේ පීරගෙන සෙන්ට් කුප්පියෙන් ටිකක් බෙල්ලටයි මැනික් කටුව ලගටයි ඉහා ගත්ත මම කලුපාට සපත්තු දෙකත් දාගෙන බෑග් එකත් අරගෙන කාමරෙන් එලියට ගියා ..
.
.
." තව දාගෙන කන්න .. පුතා ..ඔයා නිසාම අලුත කොටපු වී ගෙන්න ගත්තේ " අම්මා මගෙ පිගානට තවත් කිරිබත් කෑල්ලක් බෙදන ගමන් කිව්වා ..
"මට ඇති අම්මා "
"දැන් එතකොට පුතා පයින්ද යන්න හිතන් ඉන්නෙ "
"ඔව් අම්මා .. "
"ම්ම් ..ඒ වුනාට ඉතින් මගෙ නම් ඒ හැටි මනාපයක් නෑ මේ ගැන "
මන් යන්තමට හිනා උනා ..
"එහෙම කියන්න එපා මැණිකේ ..දරුවගෙ ආසාවනේ ..අනික ඉතින් අපේ එකා යන්නෙ උන්ට ගුරු හරු කන් දෙන්න මිසක් ගමේ එකාලගෙන් ඉගෙන ගන්න නෙවේ නේ "
"ඒ උනාට අපේ මහත්තයා " අම්මා ඔසරි පොටත් එක්කම අප්පච්චිටත් ගස්සලා අහක බලා ගත්තා ..
"කෝ අම්මා පුංචි අම්මා ...එයාලා කන්නෙ නැද්ද "
"මෙච්චර වේලපහ කන්නෙ කොහොමද ලමයො ..අන්න අර කුස්සියෙ හිටියා ..ඔය අතැයි කෑවා "
"ඇති " මම අතත් හෝදගෙන නැගිට්ටා ..
" තුරුණුවන්ගෙ සරණයි "
අප්පච්චිට දණ ගහලා වැදපු මගෙ ඔලුව අත ගාලා මිමිණුවා .
"කෝ මේකෙන් පොඩ්ඩක් බිව්ව නම් ..පරිස්සමට ගිහින් එන්න මගෙ පුතා " මල් දාපු වතුර වීදුරුවෙන් බොන්න කියපු අම්මටත් වැදලා මම එලියට බැස්සා ..