එන්නෙ නෑ යි කියලා හදිස්සියෙම ආපු අයියත් එක්ක ගෙට ගොඩ වෙනකොටම මූණට මුලිච්චි උනේ නාලා තුවායත් ඉනට ගැට ගහගෙන එන සියෙල්ව ..
ඌ අයියට රවන්න පුලුවන් හොදම එකෙන් රවලා ගිහින් කාමරේ දොර ගැලවිලා යන තරම් හයියෙන් වහලා දැම්මා..
මන් අයියා දිහා බැලුවේ ඌ වැහිලා තියෙන දොර දිහාම බලන් ඉන්නකොට ..
ඒ මනුස්සයා ආවත් වැරදි , නාවත් වැරදී.. උදේ පොඩීමයි මගෙ පෝන් එක අරගෙන එනවද කියලා අහලා මැසේජ් කරලා තිබුනේ දැන් ඒ මනුස්සයා ආවාම ඒ මනුස්සයව මරන් කන්න හදනවා .. අනේ මන්දා මූ නම් මොන ජාතියක එකෙක් ද කියලා ..
"මන් තේ එකක් දාගෙන එන්නම් .. ඉද ගන්නවා...
අහල්‍ය... තමුසෙට පුලුවන්ද ස්කයිව එලියට එක්ක යන්න "
මන් අයියට ඉදගන්න කියලා අහල්‍යට කතා කරා ..
"අපො මට බෑ ඒ යක්ස පැටිය එක්ක යන්න .. "
"හරි එහෙනම් තමුසෙ තේ එකක් හදනවා "
අහල්‍යට තේ හදන වැඩේ භාර දීලා මම ස්කයි ගෙ කර පටියට දම්වැල සෙට් කරා ..
තේ එක හදාගෙන එනකොට අයියා ඔහෙ නෑ
පොඩී ගේ කාමරේ දොර භාගෙට ඇරලා ..
"මොකෝ සීන් එක .. " මන් ඒ පැත්ත බලාගෙන ඉන්නකොට චූටි ඇහුවා ..
"අයියා .. "
"ඇතුලෙද "
මන් දන්නෙ නෑ කියන්න උරහිස් ඇකිලුවා ..
"පොඩ්ඩක් ඉන්නකො "
පොඩී දොර ලගට ගිහින් හිමීට බෙල්ල දාලා ඇතුල බැලුවා. ඊට පස්සෙ අස්සට එබීගෙන මොනවද කරා ..
ඌ ඇතුල් පැත්තේ තිබුන යතුර ගලවගෙන ..
එලියෙන් දොර ලොක් කරේ මන් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නකොට ..
"යන් "
ඒ මොකද්ද ඒ කරෙ කියලා අහන්න වගේ මන් ඇස් දෙක ලොකු කරගෙන ඉන්නකොට ඌ ආයෙම කතාව පටන් ගත්තා ..
"තියෙන පස්නයක් උන් දෙන්නා විසද ගන්නෙ නැතැයි .. අපි යම් " ගොං හිනාවකුත් දාලා ඌ ඉස්සර උනාම මන් පස්සෙන් ගියා .. යකෝ මේකත් කරන වැඩ ..