70

682 93 77
                                    


නාත් pov

"උඹ ඌ ගැන දන්නෙ මොනාද රස් "
මම ඇහුවා විතරයි ඌ කටවහ ගත්තා ..

ඇත්ත ඌ මොනාද පොඩි ගැන දන්නෙ ...

කලින් නම් අඩුම තරමේ අයියා එක්ක බැදීමක් නැහැ කිය කියත් අයියා එක්ක ඌ හිටපු එකතට සහනයක් තිබුනා .. අඩුම තරමේ මම දන්නවනේ ඌ ඉන්නෙ මොකා එක්කද කියලා ..අනික අයියව ශුවර් කරන්න පුලුවන් එකෙක් ..

ඒත් දැන් මූ මොකා එක්ක පැටලිලා ද කියලා කව්ද දන්නෙ .. බැරි වෙලා හරි හොයන්නෙ බලන්නෙ නැතුව ඉදලා අන්තිමට මේකා ලෙඩෙක් උනොත් මම මොන දෙයියන්ට කියන්නද ..

පොඩි ඇවිල්ලා කිසිම දෙයක් හොයලා බලලා කරන එකෙක් නෙවෙ ..ඌට දෙයක් ඕනෙද ඌ එවෙලේ ඒක කරනවා ..

මූව හදන්න බෑ ... එන්න එන්න මුරන්ඩු වෙන එක විතරයි මගෙ අස්සෙ රිංගගෙන .. මගෙත් වැරදි ඌව කරට ගත්තා වැඩි ..

රූ ගේ උරහිස අත ගගා කල්පනා කර කර හිටපු මම ඌ දිහා බැලුවේ රටාවකට වැටෙන හුස්ම සද්දෙ ඇහිලා .

ඒ ටිකට නින්ද ගිහින් පණ්ඩිතයට ..පිය වෙලා තියෙන ඇස් දිහා බලාගෙන හිනා වුණ මම උගෙ නලලින් තොල් තැවරුවා .

.

.

.

" තාම පටන් ගත්තේ වත් නෑ මාත්තයා .. පළවෙනි මරණය අනතුරු ඇගවීමක් , නතර වෙනවද නැද්ද කියන එක ඔය මාත්තයම තීරණේ කොරන්ඩ

හැබැයි අමතක කොරන්ඩ එපා , ඔය ලේ එක බිංදුවක් අරි මාත්තියගෙ ඇගෙ දුවනකන් උඹලට ගැලවීමක් නෑ මාත්තියා ..

එක්කො උඹලා හුස්ම අතාරින්ඩ ඕනා

නැත්තන් උන් හුස්ම අතාරින්ඩ ඕනා

මේක ණය ගනුදෙනුවක් නෙවේ මාත්තියා ..මේක ලේ ගනුදෙනුවක් ..

දැනෙනවද මාත්තයා දැනෙනවද ලේ කුයිලේ දැනෙනවද මාත්තියා..  හහ් ...හහ් ..හා...

දැනෙනවද මාත්තයා .."

වියරුවෙන් වගේ හිනා වුණ ඒ රූපේ එන්න එන්න ව්කෘති උනා ..

බලාගෙන ඉන්න බැරි විදිහට ඒ ඇස් රතු පාටට  හැරුනා

පඩු පාට සාරිය ඉනෙන් පහල තද රතුපාට ට හැරුනා ..

උරුමක්කාරයාWhere stories live. Discover now