77

768 88 46
                                    

" පුංචිට ලමයි නැති ප්‍රශ්නයක් තිබිලා අවුරුදු ගානක් යනකන්ම , ඒ නිසා ඉමන්ද ව අපේ අම්මායි අප්පච්චියි පොඩි කාලෙදි පුංචිට දීලා"

උමන්ද කිව්වෙ අපේ සෙට් එකම ඌ දිහා හෙන කුතුහලෙන් බලාගෙන හිටපු නිසා . උමන්ද උමන්ද ගෑවට ඌ ඇවිල්ලා ඉමන්ද අයියටත් වඩා අවුරුදු දෙකක් වැඩිමල් . ඉපදුන දා ඉදලම යූ කේ වල හැදිලා වැඩිලා තියෙන්නෙ . ඌට උමන්ද අයියාගැන ලොකු මතකයක් තිබිලා නෑ. ඒත් පස්සෙ කොහෙන් හරි පොඩියට ඌ සීන් එක ගෙදරින් අහලා තියනවා .

මූ ඉමන්ද අයියගේ පොටො එකක් පෙන්නලා මයි අහලා තියෙන්නෙ , එතකොට කියලා පුංචිට දරුවෝ නැති නිසා ඒ කාලෙදිම හදා ගන්න දුන්නයි කියලා .

කොහොම හරි මූ අයියව කන්ටැක් කර ගන්න සෑහෙන කට්ටක් කාලා ඉන්ස්ටා පේස්බුක් ඒත් බැරි වෙච්ච තැන මූ අපේ පොඩීට මැසේජ් එකක් දාලා අයියා මූව පොටෝස් වල ටැග් කරලා තිබුන නිසා .

"මන් ඌව හොයාගෙන එද්දි ඉතින් පරක්කු වැඩී බන්" ඌ හෙන අමාරුවෙන් මූනට හිනාවක් අරගෙන ඉංග්‍රීසි උරුවට සිංහලෙන් කිව්වා .

මිනිහා ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ ටුවර් එකක් යනවයි කියලා ගෙදරට කියලා . කොහොම හරි මේ මලගේ හින්දා ඊට දවස් දෙක තුනකට පස්සෙ උන්ගෙ අම්මලත් ලංකාවට ඇවිල්ලා .

පොඩී උමන්ද අයියගෙ උරහිසට තට්ටුවක් දානකොට රහේන් අයියා රස් ගෙ දිහාවට හැරුනා .

"දැන් උබ මොකද කරන්නෙ. අපි එක්කම යනවද එතකොට"

පොඩි අරමනුස්සයගෙ උරහිසට තට්ටු කරන එක ,මට නම් ඒක ලෝක පුදුමයක් සාමාන්‍යයෙන් පොඩි කියන්නෙ මනුස්සයෙක් ඔහොම නෙවෙයි මෙතන පස් කකා අඩාවැලපෙන මනුස්සයෙක් උන්නත් ගනන් ගන්න එකෙක් නෙවෙයි. මේ සැබෑ වෙනස මට හිතා ගන්න බැරුව ඉන්නෙ මමත්.

ඇස් හීනි කරගෙන මම ඌ දිහා බලාගෙන උන්නා .බැරි වෙලාවත් මූ සෙට් වෙලා ඉන්නෙ උමන්ද අයියා එක්කවත් ද .

"අප්පච්චි එනවා කිව්වා අයියේ"

රස් කියනකොට පොඩීගෙන් ඇස් අරගත්ත මම ඌ දිහා බැලුවා .දැන්මම වෙලාව තුනත් පහු වෙලා , ඒ මනුස්සයා ඇවිල්ලා කීයට යන්නද .

උරුමක්කාරයාWhere stories live. Discover now