81

500 65 41
                                    

"දැන් උබ කොහෙද ඔය ඇවිදින්නේ ?? දවසම ඇදට වෙලා ඉන්න ඕනෙයි කියලා නේද කිව්වේ "

මම නැගිටලා කොෆි එකක් හදන්න කියලා හිතන් යන්න යනකොට අරූ කෑ ගැහුවා .

"ඇදට වෙලා ඉන්න බෑ බන් . ගිහින් වොශ් එකක් දාගෙන වරෙන්" මන් කෑ ගහලා එලියට ගියේ පොඩ්ඩක් බඩ කොර වෙලා වගේ තිබුනත් ඒක ගානකට නොගෙන ඒ නිසා ලාවට වගේ කොර ගගහා . කොහොමත් අප්පච්චි මේ වෙනකොටත් ගිහින් ඇති දැන් වෙලාව දහයට ත් කිට්ටුයි නේ ..

වතුර එකක් උනු වෙන්න ගහලා , මම වතුර එකක් පුරවගන බොන්න ගත්තේ ලාවට වගේ බඩගිනි දැනෙනකොට .

අරූ මොන මගුලෙන් අර මහා රෑ බිරියානි හොයාගෙන ඇවිල්ලද මන්දා .

"ආ සද කුමාරයා.... සදලු තලෙන් බැහැලා වගෙයි"

"ක්.හැක් ..ක්.හැක් ..." එකපාර ඉස්සරහින් කටහඩක් ඇහෙනකොට මට බිබි හිටපු එකත් පිට උගුරේ ගියා ..

අපේ අපාර්ට් මන්ට් එකේ ඔක්කොම කාමර හතරකුයි ලිවින් ඒරියා එකයි ඒකේ පැත්තකම ඕපන් කිචන් ඒරියා එකකුයි තිබුනේ ..

මන් ඔලුව උස්සලා කටහඩ ඇහිච්ච දිහා බැලුව.

උගෙ බැල්ම .. ආර්හ්... දරා ගන්න බෑ දෙයියෝ .. ඌ කටකොනින් හෙන යක්ස නෝන්ඩි හිනාවකුත් දාගෙන අත් දෙකත් පපුවට බැදගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා ..

වෙනකව්ද ..ඈත අතිතයේ ඉදන් මගේ පරම හතුරා යේශ් . මෑත අතීතයේ යම්කිසි වෙනසක් උනා තමෛ ඒක වෙනම කතාවක් නේ ..

පාහරයගෙ කුජීත බැල්ම තමයි සෙද්ද .. මන් කියන්නෙ නිතික උබර අරූ කියපු දේ අහලා ඇදට වෙලා ඉන්න තිබුනා දවසම .. ස්වාමියාගෙ අණට පිටුපෑව නිසා තමයි උබට මෙහෙම උනේ ..

"මොකද තෝ වල් නරියා " මන් අරූට ලග තිබ්බ ටේබල් ස්පූන් එකෙන් ගැහුවේ ඒක ගිහින් උගේ කලටි ඔලු ගෙඩියේ ටං ගාලා වදින්නම ..

සත්තයි , සද්දෙත් ඇහුනා ටං ගාලා .. ඒසද්දෙට ඌට එහාපැත්තෙන් ඉදගෙන හිටපු රහේනයා මගෙ දිහාවට මරණීය බැල්මක් පා එකරලා එවලා අරූගේ නලල ඔලුව ගැලවිලා යන සයිස් එකෙන් අත ගෑවා .. බලන්න ඒ පරම පිවිතුරු පෙම ..

මුන් දෙන්නා දැන් එතකොට සෙට් වෙලාද ඉන්නේ . මට ඒක අහගන්නත් බැරි උනානෙ අරූගෙන් . වෙලාවක අහගන්න ඕනේ ..

උරුමක්කාරයාWhere stories live. Discover now