ඇත්තම කිව්වොත් හරිම සුන්දර දවසක් .. කොච්චර සුන්දරද කියනවා නම් මම උන්නේ වත්තේ තියෙන ගහක් යට වාඩි වෙලා නිදහස බුක්ති විදින ගමන් .
අතේ තිබුන අලුත්ම ස්කෙච් බුක් එකයි පැන්සලයි මගෙ නිදහසට සාක්කි කියනකොට මම මා එක්කම හිනා උනා .
ඇත්තටම තාම උදේ හතහාමාරට විතර ගෙදර උන් නිදි අහල්‍ය ස්කෝලෙ ගිහින් .
ඒත් මම උන්නේ මිදුලේ අහසට අයිති වාසිකම් කියන්න එන ඉර එලිය යටට වෙලා . කොලම කොල පාට තනකොල ගොඩේ වාඩි වෙලා ලොකු නමක් වත් දන්නෙ නැති ගහකට හේත්තු වෙලා ඒ ගහේ අතු පතරින් පෙරිලා ඇවිත් මගෙ ඇගට වැටෙන රත්තරන් පාට ඉර එලියෙ රස්නෙට දැනෙන අමුතු හැගීමත් එක්ක , මන් මා එක්කම හිනා වුණා .
මන් පිස්සෙක් වෙලා ද කොහෙද ..
.
.
." ආ...ව්....ව්ව්..අවූ... අවූ...." මාව එක පාර උඩ ගියේ මගේ ලගට කොහෙදෝ ඉදලා දුවගෙන ආව බල්ලෙක් නිසා ..
"ස්කයි ???? "
" ආව්... ආවූ... " මගෙ ඇස් දෙක ලොකු උනේ ඒ වෙන මොකෙක් වත් නෙවෙයි ස්කයි කියලා තේරෙනකොට ..ඒත් ස්කයි කොහෙද මෙහේ..
"මගෙ කොල්ලා පාලුවෙන්ද හිටියෙ මන් නැතුව ම්ම්ම් "
ලගට අරගෙන හුරතල් කරන ගමන් අහනකොට ඌ මට උගේ භාසාවෙන් උත්තර දුන්නා ..
"ඉතින් කොහොමද බොසා "
කට හඩක් ඇහෙනකොට ස්කයිව හුරතල් කිරිල්ල පැත්තකට දාපු මම උඩ බැලුවා ..
රහේනයගෙ ඉතුරු භාගේ .. යේශ් ..
"ශේප් .. උබ එක්කද ස්කයි ආවේ "
"ම්ම් .. අයාගෙ ගෙදරනේ උන්නෙ .. "
ඒ කියන්නෙ මෙච්චර දවස් ස්කයි ඉදලා තියෙන්නෙ අරූ ගාවද .
"ඒක නෙවේ මට අරූව ආයෙ හම්බුනානේ "
"කාව " මන් ඇස් දෙකත් පුංචි කරගෙන ඌ දිහා බැලුවා .
"ලෙසල් "
"ලෙසල් ?? ඉතින් මොකද ඌ කිව්වෙ "
"පරිස්සම් වෙලා ඉන්ඩයි කිව්වෙ " මට හිනා ගියා ඌ ඒක කියපු තාලෙට .
"ඉතින් උඹ හා කිව්වද "
"මන් කිව්වා මන් ගැන වද උනාට ස්තූති කියලා "