9
ගේට් ඩියුටි කියන්නෙත් එසේ මෙසෙ නෙවේ . කොච්චර අව්ල් සහගත දවසක් උනත් එන මිස්ට ,සර්ට ගුඩ් මෝනින් කියන්නයි . බෑග් චෙක් කරන්නයි යුනිෆෝම් කොන්ඩ රැවුල් බලන්නයි ..කියක් නම් රාජ කාරිද .මගෙ අපාය සහයකයො දෙන්නා තාම ඇවිල්ලා නැති කොට ඩියුටි හිටපු අනිත් ප්‍රිෆෙට්ලා දෙන්නයි මායි ගේට්ටුව ඉස්සරහා හිටියා .
හතයි කාල හතයි විස්ස වෙනකොට තමා ඉතින් තරු විසික් වෙන්න පෝලින් තුන ගේටුවෙන් එලියටම දිග වෙන්නෙ .
"අහ් ගුඩ් මෝනින් ශිෂ්‍ය නායක මහත්තයා " කටපුරෝලා හිනාවකුත් දාගෙන ආවෙ වෙන කවුරුත් නෙවේ අපේ යේශ් ගේ ඇමති පුතුකියා . මරු නම මොනා උණත් අපේ එකාටත් කොහෙන් වචන එනවද මන්දා .
"මෝනින් "
මන් උගේ බෑග් එක ඇරලා චෙක් කරා . ඒ මගුලේ චෙක් කරන්න නම් දෙයක් නෑ . අඩුම පොතක් වත් නෑ . වතුර බෝතලයක් නෑ ලන්ච් බොක්ස් එකක් නෑ කොටින්ම මූ බෑග් එක ගෙනල්ලා තියෙන්නෙ නමටද කොහෙද . බෑග් එකටම තිබුනෙ වොලට් එක විතරයි .
මන් බෑග් එක වහලා ඌ දිහා බලනකොට ඌ ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා . මන් හැරිලා බැලුවේ කොහෙද මූ මෙච්චරටම බලාගෙන ඉන්නෙ කියලා.
අහල්‍ය !! ඌ බය වෙලා ද නැත්තන් පුදුම වෙලාද බලන් ඉන්නෙ කියන්න දන්නෙ නැති උනත් ඌ බලාගෙන නම් උන්නෙ අහල්‍ය දිහා .
අහල්‍ය නම් මෙලෝ සිහියක් නැතුව වටපිට සිරි නරඹනවා . අරු අහල්‍ය ගේ සිරි නරඹනවා .
මන් උගෙයි අහල්‍ය ගෙයි අතර ට ඇවිත් ඇහි බැමක් උස්සලා අරූට " මොනාද බලන්නෙ " වගේ බැල්මක් දුන්නම ඌ මන් දිහා බලලා ඇස් පිල්ලන් කීපයක් ගහලා බෑග් එකත් අරගෙන කලබලේ ම යන්න ගියා .
උගෙ හැසිරීම ඇත්තටම මට ප්‍රශ්නයක් ..
ඌ බය උනාද
ඌ පුදුම උනාද මට හිතා ගන්න බෑ ..
දෙකෙන් මොකක් හරී ඌට කලබල වෙන්න හේතුවක් ඇති කියලා මම හිතන්නෙ නෑ ..ඒකත් මේ ගමෙන් ආපු කොල්ලෙක් දැකලා .
ඔන්න ඌ මේ පැත්තෙ එකෙක් දැකලා ඔහොම උනා නම් පුදුමයක් නෑ මොකද ඌ දුටු තැන මරා ගන්න සැදී පැහැදි ඉන්න ඉන්න නිසා .