60

636 85 46
                                    

ම්ම්හ්...නිදි මතයි .. නිදිමත නොවී තියෙයි ඈ .. පාන්දර තුනයි ගානක් වෙනකන් මුහුදු වෙරලට වෙලා ඉදලා දැන් බස් එකක් එනකන් 6.30 ඉදලා හෝල්ට් එකේ වේලි වේලි ඉදලා අමාරුවෙන් බස් එකකට රිංගගෙන ඉන්නකොට ..

නිදි කිර කිර හිටපු මම එකපාර විසි වෙලා ගිහින් බස් එකේ පොලව සිප ගත්තේ ඩයිවර් පුත්‍රයා ගහපු බ්‍රේක් එකක් නිසා .. කවදා බස් වල ගිහින් කියලද යකෝ මම ඉතින් ..

හැබැයි කියන්න සන්තෝසයි මම පොලව සිප ගත්ත්තේ තනියම නෙවෙයි මගෙ එහා පැත්තේ හිටපු එකාවත් පෙරලගෙන ..

"ටහුකන්ඩ නැගිටපන් යකෝ "  උදේ පාන්දර කනට මී පැනි වක්කරන වොයිස් එකක් ඇහෙනකොට මන් දඩි බිඩි ගාලා නැගිට්ටා .. සැක් යකෝ ලැජ්ජාවේ පණ යනවා ..

මම අද බස් එකේ එන්න ගත්ත තීරණය ගැන සිය දාස්වෙනි වතාවටත් පසු තැවුනේ මගේ බේසික යාලුවා පැත්තකට වෙලා ඉදගෙන කැකිරි පලන දිහා බලාගෙන ..

වෙන කාව වත් නෙවෙයි මම බදාගෙන භූමි තලේ සිප ගෙන තියෙන්නෙ අර සිප්පියා යේශ් ව ..

හිනා වෙන්න කාරනා නෙවේ මෙව්වා .. පුරුදු විදිහටම කාර් එකේ ගැම්මට එන්නෙ නැතිව ආව මෙතන අලුත් එක්ස් පීරියන්ස් එකක් ගන්න ..

"යේශ් අවුලක් නෑනේ "
ඔය ඇරුනේ නල්ල මලේ හිච්චි හාමු මහත්තයා ගෙ කට ..මම මටම රවාගෙන සීට් එකෙන් හයියෙන් අල්ලගෙන ජනේලෙන් එලිය බලා ගත්තේ .ඔය එක ප#ක් ගෙන් මට වැඩක් නෑ කියලා මටම මුමුණගෙන ..

අරහෙන් අරූ කුනුහරුප වපුරනවා .. මම දත් මිටි කාගෙනම එලිය බලාගෙන හිටියේ ඇත්තටම මට එවෙලෙ රණ්ඩුවක පැටලෙන්න තියා ආපිට වච්නයක් කියන්න වත් මූඩ් එකක් නැති නිසා ..

කෙල්ලො කීයක් හිටියද .. හෙනම චාටරේ .. ඊට හපන් අර මහලොකු බේබි හාමුවා ඉදගෙන හිටපු තැනින් නැගිටලා අර කාබාසිනියට සීට් එකත් දුන්නා ..

ඒක මම දිහා නෙවෙයි ෆකයා එක පාරක් බැලුවේ ..මට එහා පැත්තේ හිටගෙන හිටපු එකා දිහා මම රවලා බැලුවා..

මන් ආවේත් ඌව බලන්න නෙවෙයි නෙ ..ඉතින් ඌ බලන්න ඕනෙත් නෑ තමා මා දිහා ..

බස් එක ඉස්සරහට යන්න යන්න උනේ සෙනග පිරෙන එක .. මේ මොන මගුක්ද මේ ..කොන්දට පිස්සුද සැමන් ටින් කරනවා වගේ මේකට මිනිස්සු පටෝ ගන්නෙ ඉඩ නෑ කියලා දැන දැනත්  ..

උරුමක්කාරයාWhere stories live. Discover now