11

1K 125 13
                                    

" බේබි හාමු මේ කෑම එක "

බෑග් එකත් එල්ලගෙන එලියට යන්න ගියපු මම නැවතුනේ අහල්‍ය ගෙ කටහඩින් . ස්කෝලෙට අයියා .ගෙදරට බේබි හාමු .

කොල්ලාට හැමදාම උදේට කෙහෙල් කොලේ ඔතපු බත් පාර්සලයක් වරදින්නෙ නෑ . බොරු කියන්න ඕනේ නෑ.. ඇත්තටම කෑම නම් රසයි . මෙච්චර දවසක් කඩ කෑම වලින් බඩ පුරෝගත්ත මට මේවා නිකන් දිව්‍ය භෝජන තරන් .

උදෙට අනිවාර්‍යෙන්ම උයනවා . දවල්ට කොල්ලට ක්ලාස් නැති දවසට මොනා හරි හදනවා . නැත්තන් නූඩ්ල්ස් පැකට් එකකින් ශේප් වෙනවා . ආයෙම රෑට කොල්ලා උයනවා .

හරි සුවදයි . අද මොනවද දන්නෙ නෑ උයලා තියෙන්නෙ .

"තමුසෙට ගත්තද "

"ඔව් බේබි "

"ම්ම් .." මන් කොල්ලට දුන්නෙ රුපියල් පන්සීයක් .

"ඇයි බේබි "

"හවස ක්ලාස් නෙ උසෙ මේකෙන් කන්න මොනා හරි ගන්නවා . "

"අනේ එහෙම ඕනේ නෑ බේබි "

ඕනේ බේබි ගාගෙන ගන්නෙ නැතුව ඉන්න කොට මට දෙන්න හිතුනා ඔලුව හිල් වෙන්න .

"ඇයි තමුසෙ බඩගින්නෙ ඉන්නද හදන්නෙ . විකාර නොකර ගන්නවා අයිසේ "

"ඒත් මන් කොහොමද බේබි මේවා ආයෙ ගෙවන්නෙ "

පව් කියලා බුරුල දුන්නම එනවා කරේ නගින්න . මන් දුන්නා ඔලුවට එකක් හිල් වෙනවා නම් හිල් වෙන්න .

"ආව්"

"ආව් .. ආව් තමයි

පණ්ඩිත කම ස්මොල්ලෙ ගිහින්ද උබට .. එනවා යන්න "

සාක්කුවට සල්ලි දාපු මම කොල්ලගෙ අතිනුත් ඇදගෙන ගියෙ මේකගෙ පණ්ඩිත අඩෝවැඩියා ව අහන්න ගියොත් හතාමාර වෙනකන් ම මෙතන නිසා .

.
.
.

"ඔය බට්න් එක දාගන්නවා මේක අම්බලමක් නෙවේ රස්තියාදු කාරයො වගේ එන්න "

බොත්තන් දෙකක් ඇරගෙන ආපු ඇමති පුතාට මන් කෑ ගැහුවා .

කම්මලේ බල්ලා වගේ .. ඌට කොච්චර කිව්වත් වැඩක් නෑ .. දැන් දාගන්න බට්න් දෙක ආයෙ ඔරලෝසුවෙ කටු කැරකෙනකොට ගැලවෙනවා .

උරුමක්කාරයාWhere stories live. Discover now