නිතික pov
එහෙම වෙන්නෙ කොහොමද ?ඒ කොල්ලගෙ ඇස් එයාගෙ වගේම උනේ කොහොමද ??
මන් මගේ රූම් එකේ කෙලවරක තිබුණ මගෙ ආසම painting එක දිහා බලන් මන් කල්පනා කරා . මේ රූපේට දවස් ගානක් තිස්සෙ මහන්සි වෙලා පණ දුන්නෙ මම . මේක නෙවෙයි එයා ගෙ මම කරපු පළවෙනි painting එක . ඒ වගේම මන් හොදටම දන්නවා මේක නෙවෙයි අන්තිම එකත් . මට ඒ රූපේ අමතක වෙන දවසක් එනකල් මගෙ අතට පින්සල අල්ලන්න වාරු තියෙනකල් ම මන් එයාට ආයෙ ආයෙම පණ දෙයි .
මට තියෙන ප්‍රශ්නෙ අර හුරතල් පොඩි කොල්ලගෙ ඇස් කොහොමද මගෙ මේ ඉස්සරහා තියන ඇස් වගේම උනේ . පොඩිම වෙනසක් වත් නැතිව . කාට හැංගුවත් මට හංගන්න බෑ මොකද එයාගෙ ඇස් දෙක මන් තරම් වෙන කිසිම කෙනෙක් අදුරන්නෙ නැතුව ඇති .
මොකද!! මොකද !! I'm obsessed with those eyes !!
මන් දැන් දවස් තුනක් තිස්සෙ එයාගෙ painting එක ඉස්සරහා ඉදගෙන කල්පනා කරනවා . කොහොමද ඒ අලුත් කොල්ලගෙ ඇස් එයාගෙ ඇස් වගේම වුනේ .
ශිට් කොහෙද , අර පකයට පින් සිද්ධ වෙන්න අප්පච්චි මට දවස් තුනක් තිස්සෙ ඇදිරි නීතිය දාලනෙ . හෙටත් ඉතින් මට ස්කූල් යන්න වෙන්නෙ නෑ නේ කොහොමත් . එතකොට ආයෙ ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා .
කියුට් බෝයි ඌ ශිෂ්‍ය නායක මහත්තයගෙ සහෝදරයෙක් නෙවෙයිලු වලව්වෙ වැඩකාරයෙක් කියන්නෙ . මාත් දන්නෙ නෑ හැබැයි අද හවස මට ඇහුනා අර සියෙල් ඌව අල්ලගෙන අනම් මනම් කියනවා .
ඒ වුණාට මන් නම් කියන්නෙ සියෙල් එහෙම කැත විදිහට කතා කරපු එක වැරදි . කොහොමද මන්දා ඌ ඒ හුරතල් මූණ බලාගෙන එච්චර සැරට කතා කරේ .
cute things exist for happiness කියලා මිනිහා දන්නෙ නැතුවද කොහෙද වරම අතේ තියන් හිටියේ .
ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන හැටි මිනිහට වෙනම ක්ලාස් එකක් දාලා කියලා දෙන්න වෙයි .
මන් ගිටාර් එක අතට ගත්තා .
මේ ඇස් දිහා ඉතින් මට නිදහසෙ බලන් ඉන්න පුලුවන් එකම තැන මෙතනනේ .ගිටාර් එකේ කෝඩ්ස් දෙක තුනක් ප්ලේ කරලා පැත්තකින් තිබ්බෙ කෝල් එකක් ආපු නිසා .