064

873 108 39
                                    

උබෙ සුවද නැතුව, මට හරි පාලුයි මැණික

මම දන්නෙ නෑ ඇයි කියලා හැබැයි මම බොද වුණ උගෙ කන්ටැක් නේම් එකයි ඩීපි එකයි පේන ස්ක්‍රීන් එක දිහා එක දිගට බලාගෙන හිටියා .ඇත්තටම බොද වෙලා තිබ්බෙ ස්ක්‍රීන් එක නෙවෙයි මගේ ඇස් දෙක ..

ඊට පස්සෙ ඌ කතා කරෙත් නෑ , මම කතා කරෙත් නෑ . ඌ මාවත් ගොලු කරලා ඌත් ගොලු උනා .

මට ඔහොම්මම නින්ද ගියා ,සමහර විට ඌටත් නින්ද යන්න ඇති . මම උදේ නැගිටිනකනුත් කෝල් එක එහෙම්ම මයි ඌ කට් කරලානෑ .

ඒදිහා බලාගෙන තනියම හිනා උනමම ඒ පැය ගානක කෝල් එකෙ ස්ක්‍රීන් ශොට් එකක් ගහ ගත්තා .

හරි බොලදයි , ඒත් මන් ඒ බොළද කමට ආසයි .

ආදරේ කරනකොට කොච්චර දරදඩු මිනිහෙක් උනත් චුට්ටම චුට්ටක් බොලද වෙන්න ඕනේ , බොළද ආදරේ ඇතුලෙත් තියෙන්නෙ වෙනමම රහක් , මම කියන්නෙ නෑ හැමෝම එහෙම වෙන්න ඕනෙයි කියලා ,ඒක ඉතින් අදාල පුද්ගලයගෙ රුචිකත්වය , එක එක මිනිස්සුන්ට පුලුවන් තමන් ගෙම විදියකට් බොලද වෙන්න .

මන් මොනවද හත්වලාමේ උදේ පාන්දර මේ හිතන්නෙ , කොහොම හිටපු නිතිකද මේ .. මතක් වෙනකොටත්පව් කියලා හිතෙනවා.

"නාත් !! තමුසෙ ඇහැරලද"

මෙච්චර වෙලා මියුට් වෙලා තිබ්බ කෝල් එකෙන් මම එහෙම අහනවත් එක්කම ඌ එහා පැත්තෙන් කතා කරා ..

"ම්ම්.. අපි එන්න පිටත් උනා"

"ඕකේ , එහෙනම් පරිස්සමට වරෙන්"

.

.

.

හෙහ් හේ !! ඊයෙ රෑ ත් හොදට නිදාගෙන ඊට පස්සෙ දවල්ට කාලත් ආයෙම කන පැලෙන්න නිදා ගත්තනෙ ලැජ්ජා නැතුව . දැන් නම් නිකන් මත මත වගේ .

මන් පොඩ්ඩක් බෙල්ල හරවලා බැලුවේ මොකාද මේ මාව මේ පිටිපස්සෙන් බදාගන හොදට නිදාගෙන ඉන්නෙ කියලා,

ආහ් මේ අපේ හිච්චි හාමු මහත්තයනෙ .

මොකද දන්නෙ නෑ මෙහේ එන්න හිතක් පහල වෙලා මෑන්ට .

යකෝ මූටම ගිය රට මේක .

උගෙ ගෙදර උගෙ දේපල වගේ , ශර්ට් එකත් ගලවලා පුටුවක් උඩින් දාලා මාවත් බදාගෙන නිදාගෙන ඉන්න ලස්සන .

උරුමක්කාරයාWhere stories live. Discover now