My little king 🦁🦁
දෙවන කොටස 02සැනෙකින් ඉවතට මුහුනගත් ෂාන් "Ohhhhhhhh shit .....😖 "
එක වරම පැවසීය... "සමාවෙන්න ළමයා මට.. "
"ඔයා එකවර හැරුන නිසා මට balance නැතිවුනා..."
ශාන් ගේ මූන රතුවී උගුර හිරවිනි..නමුත් ඒ සීතල ඇස් දෙක අයිති කෙනා කිසිවක් පැවසුවේ නැත.. ෂාන්ට රවන්නට විය.
ඔහුගේ කන් රතු වී තිබුණත් මුහුනෙන් කිසිදු හැගීමක් නොපෙන්වන ලදි.." මං වරදක් නොකර මට රවන්නේ මොකද පුදුම කොල්ලෙක් තමයි"
තමාටම සිතාගත් ෂාන්.. නැවත තරුණයා දෙස බැලූ විට ඔහුගේ ඇස් කාර්යාලයක් වෙත බැලුවේය..
පසුව ෂාන් පහු කර සැනෙකින් බැස යන්නට ගියේය..මොකක්ද ඒ කොල්ලගේ වැරැද්ද.. අමුතුයි..
මේ කොල්ලා කටින් කතා කරන කෙනෙක් නෙවෙයිද කොහෙද..
ඔහ්... ඒත් මගෙ පපුව මෙච්චර ගැහෙන්නේ මොකද .? ලෙඩක්වත් හැදීගෙන එනවද කොහෙද.
ශාන් පසුව කාර්යාලය දොරට තට්ටු කරන්නට විය.." ඇතුලට එන්න" ගැඹුරු හඩක් ඇසිනි..
ඔහ්..හෝ .... මිස්ට ෂියාඕ ෂාන්... කොහොමද ඉතින් පලවෙනි දවස..හොදයිද.. ?
වාඩිවෙන්න මිස්ටර්
ෂාන්.." ස්තූතියි සර්.."
ඉතින් ෂාන්...
මැදි වයසේ පසුවන පීඨාධිපතිතුමා නමින්
ෂින්ජින් ලාන් විය.. ඔහු ශාන්ට මුලින් මුන ගැසෙන්නේ තමාගේ උපාධිය ප්රධානෝත්සවයේදීය.. එහිදී ඔහුට දක්ෂතම සහ හොදම ශිෂ්‍යාට හිමි සම්මානය ලබා දෙන ලද්දේ ෂින් මහතා විසිනි.. එම නිසා ඔහු ෂාන්ට උණුසුම් ලෙස සැලකුවේය.." හොදයි ෂාන් මම ඔයාට අපේ කලා පීඨයේ දෙවන වසර B කොටසේ බාරකාරීත්වය දෙන්නම්..
ඔයාට පන්තියේ ළමුන් හසුරුවන අතර ART / MUSIC උගන්වන්න පුළුවන් ..
වසර අවසානයේ වන විට ළමුන්ව හොද මට්ටමකට ඔයාට ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.. ඔයා දක්ෂයනේ කොහොමත් .."Thank you sir.."
" අපි යමු මිස්ටර් ෂාන්.."
" OK සර්.."
ෂින් මහතා පසුපස ගොස් පන්තියකට ෂාන් ගොඩවිය..
දෙවන මහලේ ඇති එය, අලංකාර ජනේල සහිත විය.. ජනේල තුළින් ඈත පවතින සුන්දර දර්ශනයන් බලා ගැනීමට හැකියාව ඇත.
" මේ ළමයි ඔයාලගේ අලුත් බාරකාරයා.. ඔයාලා ඔහු සමග හොදින් ගනුදෙනු කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.. "
"mr. Zhaan එහෙනම් මං යන්නම්." ලෙස පවසා සිනාවී ෂින් මහතා පිටත් විය.
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️