16 ( හදගැස්මේ රිද්මය )

797 137 6
                                    

My Little King 🦁🦁

දාසයවෙනි කොටස-16
( හදගැස්මේ රිද්මය )
.
.
.
.

යූබීන් යීබෝට Location එක පැවසුවේය..

"මිස්ටර් පුළුවන් තරම් ඉක්මනින් Sardinia beach එකට යමු..
ඉක්මනින් මං ඕනිම ගානක් දෙන්නම්..."

යීබෝ cab driver වෙත බැගෑපත් විය ...
පැය භාගයක් පමණ ගත වූ පසු යීබෝ beach එකට ලං වූ අතර.. තම අතෙහි ඇති නියපොතු හපමින් තම එක් කකුලක් වනන්නට විය . . දෑස් නොසන්සුන්ව වට පිට බලමින් සිටි අතර හුස්ම ගැනීම ද වේගවත්ව සිදු කලේය..

තවත් beach එකට ලං වූ අතර යීබෝගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය..

" සර් අපි ආවා.. "

යීබෝ තම wallet එකෙක් අතට අහු වුනු Euro කොල කීපයක් driver වෙත ලබා දී බැස යන්නට සැරසුනු අතර,

" සර් මෙතන Euro 1000ක්නේ..

යීබෝ Driver දෙස නොබලාම දිව යන්නයට විය.. Driver යීබෝ දෙස පුදුමයෙන් බලා Taxi එක හරවාගෙන යන්නට ගියේය.

" යූබීන් කොයි හරියෙද ?????
මං දැන් ඉන්නේ Toranisia hotel එක ඉස්සරහා beach එක පැත්තේ..???

" බොස් වම් පැත්තට හැරිලා දිගටම එන්න.. මං ඉන්නවා...

"ෂාන් කෝ..????
එයා තාම අඩනවද????

යූබීන් දුටුවේ ෂාන් බිම වාඩි වී නිහඩව මුහුද දෙස බලා සිටින අයුරුයි..

" නැහැ.. දැන් නම් නෑ..ඒත් මට නරකක් දැනෙනවා..

" ඒ මොකද.. ඇස් දෙක ගන්න එපා එයා දිහාම බලාගෙන ඉන්නවා මං එනකං..."

පවසා යීබෝ phone එක cut කලේය..

යීබෝ ගේ සපත්තු මුහුදු වැලි මත එරෙන්නට වූ අතර තවත් ගමන සෙමින් සිදුවිය..

යීබෝ තම කකුල ඔසවා සපත්තු ගලවාගෙන ඒවා අතෙහි තබාගෙන Socks පිටින් දිව යන්නට විය..

වැලි මත දිවීමේ දී තවත් ෂාන් ලගට යාමට ගත වෙන වේලාව නිසා යීබෝගේ ඇස් රතු වී කදුලු බිංදු වැටෙන්නට වූ අතර යීබෝ ෂාන් ගැන බියට පත් වී සිටියේය..

තමා නිසා නැවතත් ෂාන්ට මොනවා හෝ සිදු වුවහොත් යීබෝටද මේ ලෝකයේ තවත් ජීවත් වීමට නොහැකි බව යීබෝ 200% ක් විශ්වාස කලේය...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now