28 (යීබෝගේ මමා)

589 116 7
                                    

My Little King🦁🦁
.
.
.
.
.
විසි අටවෙනි කොටස -28
( මමා)
.
.
.
.
ආ.... මෙයාද අලුත් කෙනා....?????
මේ පාර හනී ඔයා කඩවසම් කොල්ලෙක් හොයාගෙනනේ...

ඇය යීබෝ දෙස උඩ සිට පහලට බලමින් පවසන්නට විය..
ඇය කොහේ හෝ යන්නට පැමිණ සිටි අතර ,

එහෙනම් හමුවීම සතුටක්...
ඇය තම අත යීබෝට පෑවේය..
මම තමයි මාෂ්ලෝගේ වයිස් මිසිස් මාෂ්ලෝ..
ඔයාට කැමතිනම් මට හියෝෂී මැඩම් කියන්නත් පුළුවන් ...

ඇය නවීන පන්නයටම කට හදමින් සිනහා වී පවසුවාය...
යීබෝට ඇය තම මවනම් නොවෙයි යනුවෙන් සිතිණි..
එහෙත් යීබෝගේ මවගේ නමම ඇයට තිබුණාය..
යීබෝගේ මවගේ නම එකල වැන්ග් හියෝෂි වූවාය ..

ඔයාලා වැඩ ගැන කතා කරගන්න...
ඇය පවසමින් රියැදුරෙකු සමග සුඛෝපභෝගී වාහනයකින් පිටව යන්නට විය..

යීබෝ ඇය තමාගේ මවම දැයි සිතමින් කල්පනාවක සිටි අතර යීබෝගේ ලගට ඇවිත් මාෂ්ලෝ..,

" කොහොමද මගේ බිරිද චීනේ කෙනෙක් කියන්න බෑ නේද???

අවුරුදු 17ක් තිස්සේ ඔන්න බලන්න වෙනස් වීම.. කලින් නම් කාලකණ්ණි මිනිහෙක් ගාව දුක් විදගෙන හිටියේ.. දැන් කොහොමද ..

""මම Real Man කෙනෙක් නේද King.. ""

යීබෝට නොකිය යුතු දේවල් පවා මාෂ්ලෝ තමා ඉදිරියේ කියවන්නේ මංදැයි යීබෝ කල්පනා කරන්නට වීය ...

ඒත් ඒ කෙනා මගේම අම්මද.. මේ මිනිහා කියෙව්වේ මගේ අහිංසක තාත්තා ගැනද???

යීබෝ තම අත මිටිමොලවා ගන්නට විය...

එයා අම්මා නම් එයා තමා සිතා සිටි ප්‍රතිරූපයට වඩා හාත්පසින්ම වෙනස් බව යීබෝ කල්පනා කලේය..
මව ඇය නම් ඒ තරම් වෙනස් වී ඇත්තේ මන්ද..
ඇය දුක් විදින බවක් ද පෙනෙන්නට තිබුණේ නැත...

යීබෝ අතොරක් නැති කල්පනා ලොවක නිග්මන්ව සිටියේය...

ඉතින් අලුතෙන් පිලිපීනෙන් තව සෙට් එකක් ගේනවා..දෙන්නෙක් ඉන්නවා 18 ට ට අඩු අය..

යීබෝට පුළුවන් නේ Local identity හදලා කට්ටියව පිලිපීනයෙන් අරන් එන්න...

යීබෝ පුදුමය පත් වීය.. දීමට උත්තරයක් ද නොවීය...

" පි...පිපි ලිපීනය...????
මම යන්න ඕනිද??
නැතුව.. ඔයාව වැඩට ගත්තේ මම යන්නද??? මාෂ්ලෝ සැරෙන් පැවසුවේය...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now