18 (මනරම් රාත්‍රිය )

864 122 5
                                    

My Little King🦁🦁

දහ අටවෙනි කොටස- 18

( මනරම් රාත්‍රිය )
.
.
.
.
.
ෂාන් යීබෝගේ හදගැස්මට කන් දී උණුසුමට ගුලි වී සිටියේය..
යීබෝ තම හනී බනී තම දෑතින් බදාගෙන තුරුළු අරගෙන සිටියේය..

දෙදෙනා හිමීට කොට්ටය පහලට කර එහි හිස තබා එකිනෙකාට තවත් තුරුළු විය..

යීබෝ තම වම් අතින් ෂාන්ගේ බෙල්ල යටින් අත දමා උරහිසෙන් තම පපුවට ලං කරගෙන සිටියේය..

අනෙක් අතින් තම පපුවෙහි හොවා තිබෙන ෂාන්ගේ හිසෙහි කෙස් මෘදුව පිරිමදින්නට විය..

දෙදෙනා නිහඩවම එකිනෙකාගේ උණුසුම විදින්නට විය...

ඒ සමගම මහන්සිය නිසා ෂාන්ට නින්ද යන්නට විය..

තම පෙම්වතාගේ ආදරණීය උණුසුම ෂාන්ට වඩ වඩාත් දැනී තිබිනි..
යීබෝගේ ආදරය විටෙක සරාගී උණුසුම් එකක් වූ අතර තවත් විටෙක හෘදයාංගම දයාබර එකක් විය..
එවිට යීබෝ ෂාන්ව මලක් මෙන් සලකන්නට විය..
ෂාන් කොයිතරම් තරහා ගත්තත් යීබෝ ඉදිරියේ ඔහුට තව දුරටත් හදවතේ ඇති ආදරය හංගා ගැනීමට නොහැකි වන්නේය..
ෂාන් තම පෙම්වතාගේ මෙම ආදරයේ පැතිකඩයන් දෙකටම අසීමිතව ආදරය කලේය..

යීබෝගේ ආදරය පිළිබදව ෂාන්ට කිසිදු සැකයක් නැති අතර අද උදෑසන ඇති වූ කෝපය සහ දුක නිසා යීබෝගෙන් මෙතෙක් පලිගත් අතර ඒ පිළිබදව ෂාන්ට කණගාටුවක් ඇතිවිය.. ඒ සමගම ෂාන් තද නින්දට වැටුනි..

යීබෝ සෙමින් ෂාන්ව තමාගේ පපුවෙන් ඉවත් කර නිහඩව ඇදෙන් බැස්සේය...

Hotline call කර Dinner order කලේය..
ඒ වන විටත් සවස 6.00 වී තිබුණි...

යීබෝ Phone එක cut කර තම ඇදුම් ගලවා towel එක රැගෙන නානකාමරට වැදුනි..

Shower එකෙන් වැටෙන මද රස්නෙ වතුර තම ශරීරය මතට විදගත්තේය.
දවස පුරා වූ සියලු සිදුවීම එකින් එක සිහි වූ අතර ෂාන්ගේ කදුළු සහ දුක්බර මුහුණ නැවත මතක් වී තමා කෙරෙහිම කෝපයකින් පසු විය...

විනාඩි 45 ක් පමණ නාගත් අතර යීබෝ එලියට ආ විගස Door bell එක නාද විය..

යීබෝ towel එකෙන් සුදු පැහැති Bathrobe එකකට මාරු විය..

ඉක්මනින් ගොස් දොර ඇර Room boy ගෙන ආ ආහාර තම අතට ගෙන දොර වසා දැමුවේය..
ආහාර kitchen table එක මත තැබුවේය..
.
.
ෂාන් ඇද මත ගුලි වී නිදා සිටියේය..

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now