My Little King🦁🦁
.
.
.
තිස් තුන්වෙනි කොටස-33
( පැටලුණු නූල් බෝලය )
.
.
.
~~~~~~~පැය 30 කට පෙර චීනයේ දී ~~~~~~"හෙලෝ ෆෙයැමින් මාමේ මට ඔයාව ටිකක් හම්බවෙන්න ඕනි.. මං ගෙදරටම එන්නද??
" ok ෂාන් කමක් නෑ... මම ආපහු හවස වැඩ.. දැන් එන්න ඉන්නවා මම...
පැය බාගයකින් පසු ෂාන් ෆෙයැමින්ගේ නිවසට පැමිණියේය...
" අහ්... ෂාන් පුතා.. කොහොමද තාත්තට..??
" හොදයි නැන්දේ.. තව ටික දවසක් තියනවනේ Surgery එකට..වාඩි වෙන්නකෝ.. මම බොන්න දෙයක් ගෙන්නම්..
ෂාන් මේසය අසල පුටුවක වාඩි වුනේය..
ෆෙයැමින් .... හනී... මේ ෂාන් පුතා ආවා..
අහ් විනාඩියෙන් එනවා..උඩුමහලේ කාමරයේ සිට ෆෙයැමින් පැවසුවේය...
"මෙන්න මේක බොන්න.. ඇය orange juice 3ක් සාදා මේසය මත තැබුවාය..
" අහ් ෂාන් පුතා ෆෙයැමින් මාමා පැමිණ ෂාන් අසල තවත් පුටුවක වාඩි වුනේය..
" නැන්දත් වාඩි වෙන්න..
" මම ඔයාලට දෙයක් කියන්න ආවේ මාමේ....
මම ආදරේ දී බොලදයි තමයි. මම මගේ බෝදිටත් පනටත් වඩා ආදරෙයි ...
ෂාන් බෙරි කරගත් මුහුණකින් පවසන්නට වීය..මට තේරෙන්නේ නෑ මම වැරදි වෙන්නත් පුළුවන් ..
ඒත් මං ඉගෙන ගත්තු කෙනෙක් මාමේ..මට ටිකක් මිනිස්සු දැක්කම අනතුරක් නම් දැනෙනවා.
විශේෂයෙන් මගේ බෝදිට අනතුරක් වගේ නම් මට ඒක තේරෙන්නෑ කියන්න මට දැනෙනවා වගේ..ෂාන් වචන හිත හිත ගලපාගෙන කතා කරන්නට විය...
ෆෙයැමින් සහ ජින් යී සාවදානව ෂාන්ගේ වචන අසා සිටීහ..
" පුතා මොකක්ද කියන්නේ ....
බය වෙන්න එපා දරුවෝ කියන්න ඕනි දෙයක් අපි ඔයා ගැන දන්නවනේ..
ඔයා යීබෝ පුතාට ගොඩක් ආදරෙයි කියලා අපි දන්නවා..
අපිටත් ඕනි ඒකමයි..
මොකද ඒ දරුවා පොඩි කාලෙ ඉදලම දුකමනේ වින්දෙ..ජින් යී ෂාන්ගේ අතින් අල්ලා පවසන්නට වීය..
"මේකයි මාමේ මට ෂාන්ගේ අම්මාව ඒ තරම් විශ්වාස නෑ..
එයා අමුතුයි කියලා මට හිතෙනවා..
ගොඩක් ගුප්තයි.
මම දැක්කේ වීඩියෝ කෝල් එකකින් බෝදි එයාව පෙන්නුවාමයි..
එයා බෝදි එයාව බදාගත්තම අමුතු උමතුවකින් වගේ හිනාවක් මූනේ ඇදෙනවා අහම්බෙන් දැක්කා..
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️