My Little King🦁🦁
.
.
.
.
.
විසිහයවෙනි කොටස-26
( පාළු විජිතය )
.
.
යීබෝ නිවසට පැමිණිනු අතර හැමතැනම මහා ලොකු පාලුවක් හා මූසල බවක් දැනිණ..
දැනටමත් කලුවර වැටී ඇති අතර යීබෝ පුරුද්දට මෙන් ෂාන් සිටි උඩ Room එකට පය ඇදී යන්නට වීය..butler ද පහල පේන්න සිටියේ නැත..
නිවස පුරා විදුලිපහන් කොටසක් පමණක් ආවරණය කල අතර ෂාන් සිටි කාමරයේ බැල්කනි එකේ තිබූ විදුලි පහනකින් පමණක් Room එකට මද ආලෝකයක් වැටී තිබිණි..යීබෝ තම දුකින් පිරිණු මුහුණ ෂාන්ගේ ඇද මත තිබූ කොට්ටයේ නර කරගත්තේය ...
" මට ඔයා නැතුව පාළුයි බනී.... මං කොහොම ඔයා නැතුව ඉන්නද..??
ෂාන් චීනයට ගොඩ බැසීමට පැය 9කට වඩා ගතවේ ... යීබෝ නිදිවරාගෙන සිටිය ද තේරුමක් වන්නේ නැත.. ඒ නිසා යීබෝ තම ඇදුම් උනා දමා Bathroom එකට වැදීය ...
ෂාන් ගේ Towel එක තවමත් තෙත් වී ඇත... යීබෝ එය අතට රැගෙන තම කම්මුල මත තබාගෙන දෑස් පියාගන්නට විය...
"මගේ බනී තවමත් අඩවද දන්නෑ.. යීබෝ වද වූයේ තමා ගැන නොවෙයි..
පසුව යීබෝ ස්නානය කර ෂාන්ගේ තෙත Towel එකෙන්ම තමාව පිහිදමා ගත්තේය ....
පසුව ෂාන් වඩාත්ම ප්රිය කරන ලද සුදු පැහැති රෙද්දේ ලා රෝස පැහැති ඉරි සහිත පිජාමාව ඇදගත්තේය ...
තමා දෙස කණ්නාඩියෙන් බැලූ අතර..
"කොච්චර ලස්සන ඇදුම් තිබුනත් එකක් දෙකක්ම මං එක්ක රණ්ඩුම වෙවී අදිනවනේ.. මෝඩ හාවා.. මේ ඇදුමේ මෙච්චර මොකක්ද වෙනස..
යීබෝ තම රූපයටම කියවගනිමින් සිටියේය..
එකවරම තම බෙල්ලට අත ගිය අතර කලින් දා රාත්රියේ ෂාන් ඉතුරු කරන ලද Love bites මත අත තැබුවේ ඇල්ලූ විට අතුරුදහන් වෙන සබන් බෝලයක් අල්ලන ආකාරයටයි...ඒ අතර තම couple necklace එක දුටුවේය.. එදින පෑ ෂාන්ගේ ප්රීතිමත් මුහුණ සහ බනී හිනාව යීබෝට මැවී පෙණිනි...
"මගේ පිස්සු බනී... අහිංසක හා පැටියා..
මං ගොඩක් ආදරෙයි 😍
යීබෝ තනිව මුමුනන්නට විය...ෂාන්ගේ ඇද මත වැතිරුණු යීබෝ කොට්ටය සහ ඔහුගේ පහස ලැබූ යහන මත ෂාන්ගේ උණුසුම විදින්නට වූයේය...
.
.
.
ඒසමගම පාන්දර 4.30 ට පමණ යීබෝගේ Phone එක Rngs යන්නට විය...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️