My Little King🦁🦁
අටවෙනි කොටස-08
( Bunny smile )
.
.
.
.
.
ෂාන් මුහුණට වැටුනු මද හිරු එළියක් නිසා අපහසුවෙන් ඇස් ඇරියේය.. යීබෝයේ නිවසේ පෙර සිටි සේවකයා ෂාන්ගේ Room එකේ curtain ඇර තිබිණි.."Good Morning Master.."
"Good morning"
"Master ලෑස්තිවෙලා පහලට එන්න.
අද පහල කෑම ගන්න පුළුවන් ..""Ok.. "
ෂාන් ඇදෙන් බහින විට Table lamp එක අසල phone එකක් දකින්නට විය..
මේ phone එක...????
අහ් ඕක Master ගේ...
Boss ඊයෙ රෑ තියලා ගිහින්..
master ට කියන්න අමතක උනා කියලා මට කියන්න කිව්වා.
"Ok"
දැන් කෝ ඔයාගෙ Boss???
Master එනකං පහල ඉන්නවා..
පවසා හිස නමා යන්නට ගියේය..ෂාන් ඇදෙන් බැස Bathroom එකට ගොස් නාගන්නට විය..
" දැන් මට අම්මලට කතා කරන්න පුළුවන් ..
ඒත් මං මොනවද කියන්නේ...
යීබෝ මට මුකුත් කිව්වේ නෑ.
කෝකටත් මං call කරන්න කලින් මෙහෙ ඉන්න Mr.King ගෙන් අහන්න එපැයි 😏 ෂාන් උපහාසාත්මක ලෙස පවසාගත්තේය..
පෙර දින රාත්රියේ දී යීබෝ ෂාන් වෙත කරන අනතුරු ඇගවීම ෂාන්ට සිහිවිය.." යීබෝ යීබෝ වන්ග් යීබෝ ඔයා ඇත්තටම කවුද???
මොනවද මේ කරන්නේ..???
මට ඒවා තහනම් වාක්ය වෙලා ....
මං දැක්ක පොඩි කොල්ලානම් නෙවෙයි මේ..
තාමත් අවුරුදු 22ක් වෙලත් මාෆියා ලොක්කෙක් වගේ හැසිරෙන්න හේතුව මොකක්ද ???
" මොනවද අර එදා කිව්ව බඩු...???
කවුද අල්ලගෙන එන්න කිව්ව මිනිහා..???ohhhhhhhhhh මේවා කල්පනා කලොත් මට පිස්සු හැදෙනවා..
හරි කමක් නෑ...
එයාම මට දවසක කියයි.
නැතත් මං යන්නේ නෑ..
මං ඉන්නවා මට මොනවා කරත් ඔයා මගෙ බෝදි..
ආපහු මං එකම වරද කරලා ඔයාව නැති කරගන්නේ නෑ. ..
ඔයා මට ආදරේ නොකරට කමක් නෑ😖 මං දන්නවා මට ඔයා නැතුව සතුටක් නෑ..ෂාන් Bathroom එකේ හිතේ තියන සේරම කියවලා..
තීරණයකුත් අරන් එලියට ආවේය.
කොණ්ඩය වේලාගෙන ,
Wardrobe එකෙන් ඇදුමක් තෝරා ගත්තේය..
ලා කොළ පාට T shirt එකක් denim එකක් ඇද ගත්තේය..
යීබෝ තබා තිබූ Phone එකත් රැගෙන පඩිපෙල බැස Living room එකට ගියේය..__________________________
ඒ වන විටත් යීබෝ ආහාර ගැනීමට ලෑස්ති වී සිටින්නට විය.
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️