30 (මවගේ ආදරය )

594 106 10
                                    

My Little King🦁🦁
.
.
.
තිස්වෙනි කොටස-30
( Mother's Love )
.
.
.

" බෝදි ඔයා කොහෙද අනේ ඉන්නේ..???

මං කොච්චර බය වුනාද...

" බ..නී... යීබෝ තම බර වුනු නාසය මගින් උත්තර දෙන්නට වීය..

ෂාන් බය වූ අතර,

" ඇයි බෝදී........??????

බෝදී....ඇයි මොකක්ද ප්‍රශ්නේ...???
මං බයවෙනවනේ කියන්න මට...

ෂාන් තමා අසල දී ඇරෙන්න යීබෝ හඩනවා කිසි දාක නොදුටුව අතර ෂාන් නොමැති විට යීබෝ හැඬීම ෂාන් විශ්මයට හා වේදනාවට පත් කලේය...

එකවරම යීබෝගේ කෝල් එකේ video request එකක් එන්නට විය...

" බෝදී ඕක Answer කරන්න.. ඉක්මනින්ම .. නැත්නම් මම දැන්ම ඔහේ එනවා...

ෂාන් ඉල්ලීමක් නොව අණ කිරීමක් සිදු කලේය..
ෂාන්ගේ පැමිණීම මේ වෙතාවේ යීබෝට ගැටලු රැසක් ඇද ගැනීමක් නිසාත් ෂාන්ගේ වීඩියෝ කෝල් එක නොගෙන සිටීමට තරම් යීබෝට හයියක් නොමැති නිසාත් යීබෝ එය Answer කලේය...

යීබෝ දුරකථනය ගෙන එළියට ගියේය..

"බනී...
ෂාන් යීබෝගේ රතු වී ඉදිමී තිබූ දෑස් එකවර දුටු අතර ෂාන්ගේ මූන අදුරු වීය...

" මොකක්ද බෝදි ඔයා ඔය තරම් මූන රතුවෙනකං අඩන්න උනේ...???

" මම දැන්ම ටිකට් බුක් කරගන්නද..?? යූබීන් එක්ක මං එන්නම්..

" එපා... ඉන්න ඉන්න බනී... මං කියන දේ අහන්න...
යීබෝ ෂාන්ගේ පියවර වෙත විරාමයක් තබන්නට වීය...

" අහන්න බනී.... ෂාන් දිගු සුසුමක් ගෙන යීබෝට සවන් දෙන්නට සැරසිනි...

" මට බනී මගෙ මමාව හම්බුනා... යීබෝ එය පවසා ෂාන්ගේ දෑස් මතින් තම දෑස් ඉවතට ගත්තේය ..

තමාගෙන් දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන බව යීබෝ අවබෝධ කරගෙන සිටියේය.

ෂාන් ඉදිරියේ පෙන්වූ කදුළු නිසා යීබෝට මෙවර පාඩු පිට පාඩු සිදුවීය...

යීබෝට කිසිවිටෙකත් ෂාන්ව මෙම ප්‍රශ්න මතට ඇද ගැනීමට අවශ්‍ය නොවීය..

තම මව යීබෝට හමුවූයේ කෙසේදැයි ෂාන්ට පැවසීමට යීබෝ නිහඩවම උත්තර සොයන්නට වීය...

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now