25 ( නික්ම යාම )

626 106 7
                                    

My Little King🦁🦁
.
.
.
විසිපස්වන කොටස-25
( නික්ම යාම )
.
.
.
ෂාන් තම මව සමග කතා කර නැවත ජනේලය වසා හිමීට ඇද ලගට ගියේය ..
තවමත් යීබෝ කොට්ටයකට කකුලක් දාගෙන තව කොට්ටයක් බදාගෙන Bed sheet එක තුළ ගුලි වී නිදාගෙන සිටියේය...

ෂාන්ගේ කදුළක් පිරී තිබු දෑස් මතට තවත් කදුලක් එකතු වූයේ යීබෝ තනියම දාලා යන්නෙ කොහොමද කියලා හදවත හඩා වැලවෙන විටයි...

පෙර දිනගේ දී දෙදෙනා ආදරයෙන් ආලිංගනයේ යෙදී තිබූ සලකුණු යීබෝ ගේ බෙල්ල සහ අත් පුරා පෙනෙන්නට විය...

ෂාන් යීබෝ Sheet එක මදක් ඈත් කර යීබෝ දෙස බැලූ විට කදුළු අතරින් මද සිනහවක් ආවේය...

" බෝදි මං ගොඩක් රිද්දලා වගේ ඔයාට... කොහෙද ඉතින් ඔයා තමයි පටන් ගත්තේ..
යීබෝ එම සලකුණු තම ඇගිලිවලින් මල්පෙත්තක් පොඩිවෙන්නට නොදී අල්ලනවාක් මෙන් පිරිමැදීය....
යීබෝ එහෙත් තද නින්දක පසු විය...

ෂාන්ට යීබෝ දාලා යන්න අසීමිත බියක් ඇතිවිය...ඒත් කිරීමට කිසිවක් නොවීය.. එහෙන් තාත්තා ... මෙහෙන් යීබෝ දෙදෙනාම තමාට ගොඩක් වටිනාකමක් තිබෙන අය වූවේය ..

ෂාන් තම දෑස් පිරෙනකන් යීබෝ දෙස බලා සිටින්නට විය..

"මට ඔයා දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ.. මගේ ඇග ඇතුලට ඔයාව දාගන්න තියෙනවනම් මං කැමතී බෝදී...

ඔයාගේ ආදරේට උණුසුමට මං කොයිතරම් ආසද..??මං කොහොමද චුට්ටක් හරි ඔයාගෙන් වෙන් වෙලා ඉන්නේ... මේ මාස ගානටම අපි දෙන්නා ලං වුන තරම..

ඒත් බෝදි ඔයා පරිස්සමෙන් ඉන්න ඕනි මගේ මැණික.. මට ඔයා නැතුව කොහොමටත් ජීවත් වෙන්න බෑ... ඔයාගෙ සතුට සැනසීම හැර මට වෙන දෙයක් නෑ...

ෂාන් නිදා සිටින තම පෙම්වතා ඉදිරියේ බිම වාඩි වී ඇස් පිල්ලම් නොගහා ආදරෙන් ඔලුව අතගාමින් සිටියේය...

ඒ අතර කොපුල් දිගේ කදුළු කැට කැට බිද වැටෙන්නට විය...නහයත් රතු වී බර වී ෂාන් ඉහලට අදින වූ අතර යීබෝට හීනෙන් මෙන් එය ඇසී සෙමින් අවදිවන්නට විය...

එවිට ෂාන් තම කොපුල් තුළ ඇති කදුළු පිස දමන්නට වූවේය...

යීබෝ තමා ගේ රතු වූ දෑස් දකිණු ඇතැයි බිය වූ ෂාන් නැගිට යන්නට හැරෙත්ම යීබෝ ෂාන් ගේ අතින් ඇද්දේය..

My Little King ( YIZHAN FF✔️🔚) Where stories live. Discover now