My Little King 🦁🦁
තිස් අටවෙනි කොටස-38
.
.
.
.
.
" මමයි Wang Yibo යීබෝ ඉදිරියට ගියේය.." ඔහ්....හෝ........බොහොම කඩවසම් පුතෙක්නේ හියෝෂිට ඉන්නේ....අහ්....
එලෙස පවසමින් ඔහු මේසට මත තිබූ Bell එක නාද කලේය..
එවිට පිටත සිටි සේවිකාවක් ඇතුලට පැමිණියාය..." මෙයා තමයි Wang Yibo... ඇය හිස ඔසවා යීබෝ දෙස බලා ලස්සන සිනහවක් පෑවාය...
ෂාන් සියල්ල නිරීක්ෂණය කරමින් පසෙකට වී සිටියේය...
යීබෝ ෂාන් දෙස බලා ඇසක් ගැසීය..ෂාන් රවා අහක බලාගත්තේය...යූබින් මේ කෝලම් බලා ෆෙයැමින් දෙස සිනාසී බැලුවේය...
ෆෙයැමින් ද යූබින්ට සිනහවක් දැම්මේය..." එන්න සර් අපි යමු ... ඇය පසුපස යීබෝ යන්නට හැරුණු අතර ෂාන් ද යීබෝ සමග ගියේය...
දිගු කොරිඩෝවක් මත තිදෙනා ගමන් කළ අතර යාබද කාමරකින් තිදෙනා නතර විණි...
එය නිස්කලංක කාමරයක් වූ අතර ඇතුළතින් Piano හඩක් ඇසුනි...
සේවිකාව දොරට තට්ටු කරන්නට වූ අතර මැදිවියේ සුන්දර කාන්තාවක් පැමිණ දොර ඇරියාය...බැලූ බැල්මට ඇය මිතෝෂීගේ ශේප් එක තිබුණත් ඇයට හාත්පසින්ම වෙනස් පෙනුමක් දැරීය...
යීබෝ සහ ෂාන් එකවරම ඇතුලට ගියහ...
ඇය දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලූ අතර එකවරම යීබෝව බදාගෙන හඩන්නට විය.
" මගේ දරුවා......දෙවියනේ මේ තරම් කඩවසම් ලස්සන වෙලානේ.. ගොඩක් උසයි.. මාසයයි ඔයා ගාව මට ඉන්න ලැබුනේ...piano එක ළඟ වාඩි වී සිටි අවුරුදු 03ක කුඩා දැරියක් හියෝෂීගේ හැඬීම ඇසී බිය වී හඩන්නට විය...
YOU ARE READING
My Little King ( YIZHAN FF✔️🔚)
Fanfictionමොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️