Chapter 3

1.2K 171 15
                                    


" Hi darling...!! "  යැන්ග්සි බෝ දිහා බලල කිවුවෙ බෝගෙ අතත් ලාවට වගෙ touch වෙන විදිහට බෝගෙ අත ගාවට එයගෙ අත ලන් කරන ගමන්. යැන්ග්සිගෙ මල විකාර පෙනුම දැක්ක බෝට හිනා යන්න ආවත් බෝ බොහොම අමාරුවෙන් ඒ හිනව තද කරන් යැන්ග්සිට hi කිවුවෙ එහෙම හිනා වෙන එක එච්චර හොද නෑ වගෙ දැනුන නිසයි. මොකද යැන්ග්සි හිටියෙ makeup නාකා. ඇත්තටම යැන්ග්සිව ලගට දැක්කහම හොල්මනක්ද කියල සාධාරණ සැකයක් එන look එකක් තමා අද තිබ්බෙ එයාට.

යැන්ග්සි කියන්නෙත් සෑහෙන තරමකට ප්‍රසිද්ධ character එකක් මේ වෙද්දි music industry එකේ. හැබැයි හැකියාව නිසාම නෙමෙයි. යැන්ග්සිට ඕන තරම් සල්ලි තිබුනා. මොකද යැන්ග්සිගෙ තාත්තා එ වෙද්දි රටේ no.01 businessman කෙනෙක් වගේම politicians කෙනෙක්. ඉතිං යැන්ග්සි කියන්නෙ සල්ලි වගෙම බලයත් ලොකු ප්‍රමාණයක් තිබ්බ කෙනෙක්. ඒ වගේ කෙනෙක්ව regret කරන්නෙ නෑ ලේසියෙන් කිසි කෙනෙක්. ඒත් යීබෝගෙ පස්සෙන් යැන්ග්සි කොච්චර ආවත් යීබෝ යැන්ග්සිව වැඩිය ගනන් ගත්තෙ නෑ.

යීබෝ කියන්නෙත් යැන්ග්සි තරමටම නැතත් සෑහෙන තරම් සල්ලි තිබ්බ පවුලක කෙනෙක්.
හැබැයි යීබෝ අද ඉන්න තැනට අවේ එයාගෙම මහන්සියෙන් කැපවීමෙන් වගේම දක්ශතවයෙන්. ඉතිං එයා කොහොමත් යැන්ග්සිව ගනන් ගත්තෙ නෑ.

වෙන වෙලාවක කොහොම වෙතත් දැන් නම් යැන්ග්සි හරි මෙතනට ආපු එක යීබෝට හොදයි කියල හිතුනා. මොකද එයාගෙ හදවත ගැහුන විදිහ ටිකක් යැන්ග්සිගෙ විකාර look එක දැක්කම ටිකක් සාමාන්‍ය වෙච්ච නිසා. එතනින් පස්සේ යීබෝ ගොඩක් පරිස්සම් උනා බනීගෙ මුණ නොබල ඉන්න.

ඒත් ඊලගට සිංදුව කියන්න stage එකට ආවෙ බනී. එයාගෙ කටහඩ බෝව ගෙනිච්චෙ වෙනමම ලෝකෙකට. දැන් නම් බෝ ඉන්නෙ බනී එක්ක හීන ලෝකෙක. බෝගෙ හීන ලෝකෙ කඩන් වැටුනෙ announcer බෝගෙ නම කියල බෝගෙ comment එක ඉල්ලුවහමයි.

හැමදාම ඕනම කෙනෙකුට ගුඩ් වගේම බෑඩ් පැත්තත් කියල ලස්සන comment එකක් දෙන බෝට අද නම් කියන්න කිසි දෙයක් මතක් උනේ නෑ.......... ඒ ඔක්කොම අස්සෙ බනී දත් ඔක්කොම පෙන්නන් හිනා වෙනව. මොනා හරි කියන්න ඕන නිසා බෝ ලාවට වගේ 'හොදයි' කිවුවා. ඒ comment එක ඇහුව සකල ජන ගංගාවම බෝ දිහා බැලුවෙ 9වෙනි ලෝක පුදුමෙ දිහා බලනවා වගෙයි. ඒ අස්සේ බෝගෙ බනීත් එයාගෙ ලොකු ඇස් තවත් ලොකු කරන් බෝ දිහා බලන් ඉන්නවා. සිද්ද වෙච්ච දේ දැක්කම බෝට හිතුනෙ එතනම වැලලෙන්න. ටිකක් හරි normal වෙන්න කියල බෝ යැන්ග්සි දිහා බැලුවෙ ඒත් යැන්ග්සි හිටියේ බෝට හොල්මනක් වැහිලද වගේ බය වෙච්ච බැල්මක් බෝ දිහාවට පා කරලයි.

...................................................................................
රූ...❤️

Love You More - Completed Donde viven las historias. Descúbrelo ahora