Chapter 39

365 90 5
                                    

වැන්ග් යීබෝ... යීබෝ කියන්නේ වැන්ග් group එකේ එකම අනාගත හිමිකරුයි.... hotel industry එකේ වගේම constructions industry එකෙත් සෑහෙන තරමක නමක් දරා සිටින ව්‍යාපාර ජාලයක් තමයි ඒ. ඒ වගේම නිමි ඇදුම් ව්‍යාපාරය තුලත් එය හුගක් ප්‍රසිද්ධ නමක්. ඒ වගේම මේ ව්‍යාපාර ජාලයේ කීර්තියත් ඒ තරම්ම විශාල එකක්.
ඒත් එක පාරටම එයාලාගෙ hotels වලට විරුද්ධව චෝදනාවක් ගොනු වෙලා තිබ්බේ නීති විරෝධී විදිහට ඔට්ටු අල්ලන තැනක් විදිහටයි. මේ චෝදනාව බොරු කරන්න උසාවි යන්න සිදු උනොත් එය කොයි විදිහට ඉවර උනත් ව්‍යාපාරයේ කීර්ති නාමයට යම් හානියක් සිදු වෙන බව ඕනම් කෙනෙකුට තේරෙනවානේ. බෝගෙ පවුලේ හැමෝම මේ වෙහෙසෙන්නේ ඒ ගැන වද වෙමිනුයි. ඇත්තටම බෝලා කිසිම විදිහේ නීති විරෝධී කටයුත්තක් සිදු නොකල බොහොම යුක්තිගරුක විදිහට ව්‍යාපාරය කරන් ගිය අතලොස්සක් අතරින් ප්‍රධානම කණ්ඩායමයි. බෝගෙ පවුලේ අයට උවමනා උනේ නෑ මේ ගැන බෝට කියන්න. ඒත් ඒ ගැන සඟවන්නත් බැරි වෙන්නේ මේවා media වලට ගියෝතින් තමා. ඉතිං බෝගෙ පවුලේ අය තීරණය කලේ බෝ දැනගෙන අහනකන් මේ වෙච්ච දේ බෝගෙන් රහසක් විදිහට තියාගන්නයි.

ශාන් ගෙදර ගියේ 11.50 විතර වෙද්දීයි. බෝ යද්දි නම් 12.15 උනා. ශාන්ට වගේම බෝටත් තිබුනේ පුංචි පවුල් දෙකක්. දෙන්නාගෙම මුලු පවුලේම හිටියේ 3දෙනෙක් විතරයි. ඔව් එයාලා තමා එකම දරුවෝ උනේ පවුල් වල.

දෙන්නාවම සතුටින් පිලිගත්ත අම්මලා දෙන්නා දෙන්නා කැමති කෑම ඔක්කොම වගේ හදලා තිබුනා. ඉතිං ඒ දෙන්නාම දෙමව්පියන් ගාව හුරතල් වෙමින් කාර්‍ය්බහුල වෙද්දි ආයෙමත් දෙන්නාට කතා කරන්න ඉඩක් නම් ලැබුනේ රෑ වෙලයි. ශාන්ගෙ අම්මා ශාන්ගෙ කාමරේට ආවේ ශාන් බෝට වීඩියෝ call එක ගද්දිමයි. ශාන් ගෙදර ආපු වෙලේ ඉදන්ම ඇඳගෙන හිටියේ අත් දිගම දිග ඇදුම්ම තමා. (අත් නැති අත් කොට ඇදුම් අඳින්න බෑනේ😂)  "ශාන් මොකද ළමයෝ මේ රෑත් ඔය අත් දිග එකක්ම ඇදන්...." අම්මා ශාන්ට එහෙම කියද්දිම තමා බෝ call එක අන්සර් කලේ. ඒක ඇහුන ගමන් බෝට බකස් ගාල හිනා ගියේ ශාන්ගෙ මූන තරහෙන් වගේම ලැජ්ජාවෙන් රතු වෙද්දීයි. 
"නෑ අම්මා මට ටිකක් සීතලයි ඒකයි මේ මේක ඇදන් ඉන්නේ..." ශාන් හරිම අමාරුවෙන් ඒක කියාගත්තෙත්. ශාන්ගෙ අම්මා ගිය ගමන් ශාන් බෝට රැවුවා ආයෙ ඉතිං බෝ හුගක් සතුටු උනා එයා ඒ වෙලාවෙ ශාන්ගෙ අතට අහු වෙන දුරකින් නොහිටිය එක ගැන සෑහෙන්න....
මේ විදිහට ඒ දවස් දෙක ගෙවුනේ දෙන්නාව phone conversation වලට විතරක් සීමා කරලයි. ලැබුන නිවාඩුව අවසානයේදි දෙන්නාටම අම්මා තාත්තාගෙන් සමු ගැනීම වේදනාවක් උනත් හීන් සතුටක් හිතේ රැදුනේ හෙට ආයෙමත් දෙන්නාට දෙන්නා මුන ගැහෙන්න පුලුවන් නිසයි.

පහුවදා ශූටින් වලදි දෙන්නා මුන ගැහුනේ හිත් ඇතුලින් උඩ පැන පැන නටන තරම් සතුටින්. හැබැයි යැන්ග්සි නම් හිටියේ බෝගෙ මේ සතුට දිහා අදහ ගන්න බැරි විදිහට බලාගෙනයි. මොකද එයා බෝගෙ මූනේ දකින්න බලාපොරොත්තුවෙන් හිටියෙ නම් දුකක්. මේ විදිහට තවත් මාසයක විතර කාලයක් ගෙවුනේ බෝශාන්ගෙ ආදරය තව තවත් ශක්තිමත් කරමිනුයි. යැන්ග්සිගෙ ඇහැට කටු අනිනවා වගේ පෙනුනත් මේ සම්බන්ධකම එයා ශාන්ට තව තවත් ලං වුනා මේ ටිකේ. ඒ කොච්චරක්ද කියනවා නම් ශාන්ගෙ සාමාන්‍ය ජීවිතයේ සමහර දේවල් පවා යැන්ග්සි එක්ක බෙදාගන්නත් ශාන් අකමැති උනේ නෑ. හැබැයි ශාන්ගෙ ජීවිතේට කිසිම කෙනෙකුට ලං වෙන්න කාටවත්ම බැහැ බෝ ගානට. ඒ තරම්ම ඉහලිනුයි ශාන්ගෙ ජීවිතයේ බෝ හිටියේ. බෝගෙ ජීවිතයේ නම් හිටපු එකම කෙනා ශාන් වගෙයි. අනික් සියලු දෙනාම අතිරේක චරිත විතරයි එයාට.

එක දවසක් ශූටින් අතර තුරදි ශාන් බෝව කොච්චර හෙවුවත් එයාට බෝව හොයාගන්න බැරි වෙද්දී ශාන් බෝගෙ phone එකට call කලත් ඒ බෝගෙ phone එක answer කලේ නෑ. කිසිම වෙලාවක ශාන්ට නොකියා කොහෙවත් නොයන බෝව contact කරගන්න බැරි වෙද්දි ශාන්ගෙ හිතට දැනුනේ අනියත බියක්.....

ශාන් phone එකේ data on කලේ බෝගෙ phone එක track කරන්න කියලයි. ඒත් ඒ එක්කම phone එකට ආපු news alert එක දැක්කම ශාන්ට දැනුනේ විස්තර කරන්න බැරි හැඟීම් ගොන්නක්. ශාන් එතන ලගම තිබ්බ පුටුවෙන් ඉක්මනින් වාඩි උනේ නැතිනම් එයාව වැටෙයි වගේ දැනුන නිසයි.....

හැබැයි තව කෙනෙක් මේ දිහා බලන් හිටියේ පුදුමාකාර සතුටකින්...

...................................................................................
මොකක්ද ළමයි වෙලා ඇත්තේ....????
රූ...❤️

Love You More - Completed Where stories live. Discover now